පොලීසිය කිව්වේ බොරු කියලා දැන් තහවුරු වෙලා ඉවරයි.. - ‘සලේ නිරුවත් කලේ නෑ.. ගම්මන්පිල බොරු කියනවා’ කියා අපහාස කළාට වන්දි ඉල්ලා ගම්මන්පිල පොලිසියට එරෙහිව නඩු දමන්න යයි..
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
"2026 ජූනි මාසේ 6 වෙනිදා අපි මාධ්‍ය හමුවක් පවත්වමින් සුරේෂ් සලේ මැතිතුමාට පොලීසිය විසින් කරනු ලබන වදහිංසා පිළිබඳ රටට හෙළිදරව්වක් කළා. අපි මාධ්‍ය හමුව පවත්වලා පැය කීපයක් ඇතුළත පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මම කියන්නේ බොරුයි කියලා රටට කිව්වා.හැබැයි, මේ වන විට අපි කිව්වේ ඇත්තයි, පොලීසිය කියන්නේ බොරුයි කියන එක හෙළිදරව් වෙලා හමාරයි.
ජූනි 6 වෙනිදා මාධ්‍ය හමුවේදී අපි නිශ්චිත කාරණා හතරක් මතු කරා. පළවෙනි කාරණය තමයි, 13 දෙනෙක් ඉදිරියේ සලේ මැතිතුමාව නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළා කියන එක. දෙවැනි කාරණය, ඔහුව වාතාශ්‍රය නොමැති අඳුරු කුඩා කාමරයක, අඩි 6x4 කුඩා කාමරයක සිරගත කර ඉන්න බව. තුන්වෙනි කාරණය, ඔහුට නිසි ආහාර ලබා නොදෙන බව. හතරවන කාරණය, ඔහුව නිරුවත් කර පහර දුන් බව.
දැන් මේ කාරණාවලින්,පළවෙනි කාරණය වුණු 13 දෙනෙක් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂා කළා කියන කාරණය තමන් විසින් සිදු කළ බව පොලීසිය විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගැනීමක් සිදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක සිදුකළ දිනය මාර්තු මාසේ 8 වෙනිදා කියලත් ඒ අය සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම අපි දෙවැනියට සඳහන් කළ වාතාශ්‍රය නොමැති කුඩා කාමරයක, අඳුරු කාමරයක සිරකර සිටියා කියන කාරණය මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය වාර්තාවේ, ඔහු අඳුරු කාමරයක දිගින් දිගටම සිටිය නිසා සිටීමේ ප්‍රතිඵලයක් වන, හිරු එළියට නිරාවරණය නොවීමේ ප්‍රතිඵලයක් වන විටමින් D ඌනතාවයට මුහුණ දී තිබෙනවාය කියන කාරණය වෛද්‍ය වාර්තාවෙනුත් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම, උසින් වැඩි සුරේෂ් සලේ මැතිතුමාව අඩි 6x4 කාමරයක සිර කර සිටි බවත් මානව හිමිකම් කොමිසම තමන්ගේ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු කරගෙන තිබෙනවා.
එහෙම බැලුවම, අපි සඳහන් කළ තුන්වෙනි කාරණය වන නිසි ආහාර ලබා නොදෙන බවට කළ චෝදනාව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තිබෙනවා. මොකද ඒ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා සුරේෂ් සලේට ප්‍රමාණවත් ප්‍රෝටීන් ලැබිලා නැහැ, එළවළු ලැබිලා නැහැ, පළතුරු ලැබිලා නැහැ කියන කාරණය.
එතකොට තවම සනාථ නොවුණේ, නිරුවත් කර පහර දුන්නා කියන කාරණය පමණයි. හැබැයි, මේ නිරුවත් කරලා පහර දුන්නා කියන කාරණය පිළිබඳ මතු කළ අවස්ථාවේදීම ඔහුගේ ශරීරය පරීක්ෂා කළා නම් සමහරවිට මේ කාරණය හෙළිදරව් වෙන්න තිබුණා. එහෙමත් නැතිනම් සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කළා නම් හෙළිදරව් වෙන්න තිබුණා.
මම කියන්නේ බොරුයි කියලා පොලීසිය කිව්වම මම පොලීසියට අභියෝග කළා, සුරේෂ් සලේ මැතිතුමා කියනවා තමන්ට හිරිහැර වදහිංසා කළේ සීසීටීවී කැමරා අටක් තියෙන ස්ථානයක කියලා. මේ කියන්නේ බොරු නම්, ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නයි කියලා අපි පොලීසියට අභියෝග කළා. හැබැයි මේ වන තෙක් ඒ අභියෝගය භාරගන්න පොලීසිය ඉදිරියට ආවේ නැහැ.
ඇත්තෙන්ම, පොලීසිය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ, සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කළොත් කාකි සූට් ඇඳගත්ත මැරයන්ගේ ඇඳුම් ගැලවෙන බව, කාකි සූට් පිත්තල බොත්තම් ගැලවෙන බව ඒ අය හොඳටම දන්න නිසා.
ඇත්තෙන්ම දැන් සුරේෂ් සලේ මැතිතුමා කියනවානේ මට වදහිංසා කළේ කැමරා අටක් තිබෙන ස්ථානයක කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා, පොලීසිය වදහිංසා කරන්නේ කැමරා නැති තැනක. අපරාධකරුවෙක් වුණත් සීසීටීවී කැමරා මඟහරිමින් තමයි ඒ අපරාධය සිද්ධ කරන්නේ. ඇයි දැන් පොලීසිය කැමරා ඉදිරියේ වදහිංසා කළාම, අනාගතයේ යම් දවසක තමන්ට එරෙහිව මේක සාක්ෂියක් විදිහට භාවිත කළ හැකියි කියන කාරණය පොලීසියේ මහත්තුරු, විශේෂයෙන්ම පහරදීමට දිගුකාලීන පළපුරුද්දක් ඇති රහස් පොලීසියේ මහත්තුරු හොඳටම දන්නවා. එහෙමනම්, එවැනි අවදානමක් අරගෙන රහස් පොලීසියේ මහත්තුරු සීසීටීවී කැමරා අටක් ඉදිරියේ මේ වදහිංසා ලබාදීම සිදු කළේ ඇයිද කියන සාධාරණ ප්‍රශ්නය මතු වෙනවා.
අපි හිතන්නේ, මේක යටි අරමුණකින් කරපු වැඩක්. අපි හොඳටම දන්නවා, සුරේෂ් සලේ මැතිතුමා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ, ඒ වගේම මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමාගේ වචන වලින් කියනවා නම් ලෝකයේ කලාතුරකින් බිහිවෙන දුර්ලභ ජාතික වීරයෙක්. ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කළ තීරණාත්මක දායකත්වය නිසා කොටි හිතවාදීන් ඔහු සමග ඉන්නේ දැඩි වෛරයකින්. ඒ නිසාම, අසාමාන්‍ය ලෙස සීසීටීවී කැමරා අටක් ඉදිරියේ ඔහුට වදහිංසා කළේ පොලීසිය, ඒ සීසීටීවී දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ යටි අරමුණින්ය කියන සාධාරණ සැකය අපිට මතු වෙනවා. ඒ නිසා තමයි මෙවැනි අවදානමක් පොලීසිය අනිවාර්යයෙන්ම අරගෙන තිබෙන්නේ.
ඒ වගේමයි, ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය හිමිවුණේ මාලිමාවට. බොහෝවිට සල්ලි කුට්ටියකුත් හිමිවෙන්න ඇති අපිට නොකිව්වට. ඒ නිසා අපි මේ මාලිමා ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා බෙදුම්වාදීන්ට ඔබ ලබාදුන් පොරොන්දු හෙළිදරව් කරන්න කියලා. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි ඔවුන්ට බලපෑම් කළත්, අද දක්වා බෙදුම්වාදීන් සහ ඔවුන් අතර ඇතිවෙච්ච රහස් එකඟතාවය හෙළිදරව් කරන්න මාලිමා ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා, සුරේෂ් සලේ මැතිතුමාට වෙනත් කිසිම රැඳවියකුට නොකරන ආකාරයේ බරපතළ වදහිංසා කරන්නේ, තමන්ට ඡන්දය දුන්නු, සල්ලි දුන්නු, කොටි හිතවාදීන්ට, බෙදුම්වාදී බලවේගයන්ට කළගුණ සලකන්නද කියන ප්‍රශ්නය අපි මාලිමාවෙන් අහනවා.
ඒ වගේම, බොහෝ වෙලාවට ඒක ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් වෙන්නත් පුළුවන්. සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම, පොලීසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා, අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වන විට, පොලීසිය කියන්නේ බොරුව, අපි කිව්වේ ඇත්තක්ය කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තා වලිනුත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලිනුත් තහවුරු වෙලා හමාරයි.
ඒ නිසා, වහාම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරලා, අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලීසිය සමාව ගැනීමට අපොහොසත් වුණොත්, රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම, "අපි කියන්නේ බොරුයි" කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත්, සමාජ මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා, අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණයට එදා පොලීසියේ බොරු ප්‍රචාරයට ලබාදුන්න ප්‍රචාරය හා සමාන අයුරින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත්, ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවන බව ඉතාම කනගාටුවෙන් සිහිපත් කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..