ගල් අඟුරු නැවක් ආපසු හැරී යයි.. සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නෑ..
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
Ana Ocean ගල් (අළු) අඟුරු නැව හැරී යයි... ගල් අඟුරු සැපයුම්කරුවන්ට නියමිත මුදල් ගෙවා නෑ
හදිසි මිලදී ගැනීමක් ලෙස මෙ.ටො. එකකට ඩොලර් 142 ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත ගෙන්වා ගත්, ගල් (අළු) අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ජූනි 16 (ඊයේ) ඉන්දියාවේ විශාකාපට්ටම් බලා පිටත්ව ගොස් ඇත. Ana Ocean නැව නොරොච්චෝලේ වෙත ගල් අඟුරු රැගෙන විත් ගොඩබෑම් සිදු නොකළ දෙවන නැව යි. මෙයට පෙර 2026 මැයි 2 දින පුත්තලමට පැමිණි YASA SUN නැව ද, ගල් අඟුරු ගොඩබෑමකින් තොරව මේ දක්වා නැරංගුරම් ලා ඇත.
MV JOSCO YONGZHOU සහ Ana Ocean ගල් (අළු) අඟුරු නැව්වල ප්‍රමිතිය ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක පවතින බව අප සංවිධානය විසින් අනාවරණය කරනු ලැබීය. ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක අළු තිබු MV JOSCO YONGZHOU නැව වෙසක් පෝය සති අන්තයේ දී ගොඩබානු ලැබීය. Ana Ocean ගල් (අළු) නැවේ ගල්අඟුරු ද සාධක ප්‍රමිති සාධක ගණනාවකට ලඟාවී නොතිබුණි. රාජ්‍ය නිලධාරීන් නැව බාරගැනීම ප්‍රතිකේෂප කළ පසුව දඩයකට යටත් කර ගල් අඟුරු ගොඩබැම සඳහා වන ඉල්ලීමක් Taranjot Resources Pvt. Ltd. ආයතනය විසින් 2026 ජූනි 9 වන දින අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් වී තිබුණි. Ana Ocean ගල් (අළු) අඟුරු නැව ට ප්‍රතිකේෂ්ප කළ නමුත්, මේ වන විටත් ගොඩබා ඇති MV JOSCO YONGZHOU නැවට මුදල් ගෙවීම අපරාධයක්/වංචාවක්/දුෂණයකි.
ගල් අඟුරු හිඟය හා බලශක්ති සුරක්ෂිතතාව
සමාගම් දෙකකින් නැව් 25 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් ප්‍රදානය කර තිබූ නමුත්, රජය ප්‍රධාන ටෙන්ඩරයේ එක් නැවක් අවලංගු කර දැමීය. නියමිත පරිදි නැව් පැමිනෙන්නේ නම් 2026 සැප්. 2 දින දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු පවතින බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණි. ගල් අඟුරු නැවත් ප්‍රමාණවත්වන්නේ දින 8 ක අවශ්‍යතාවයකට ය. ඒ අනුව, මේ වන විට සැප්. 2 දින සිට දින 16 ක ට පෙර පවතින තොග අවසන් විය හැකිය. ඒ අනුව නැව් 24 ක් ගොඩබෑමට නියමිතව තිබූ නමුත් මේ වන විට ගොඩ බා ඇත්තේ නැව් 22 ක් පමණී. සැප්. 2 දින දක්වා අඛණ්ඩව යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නම් තවත් නැව් තුනක් අනිවාර්යයෙන්ම ගොඩ බෑ යුතුය. මේ වන විට ලංකා මුහුදු සීමාවේ පවතින YASA SUN නැව ගොඩබෑම පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නැත.
ගල් අඟුරු සමාගමට - භාණ්ඩාගාරයට මුදල් නැද්ද?
ගල් අඟුරු සඳහා මුදල් ගෙවීමේ කටයුතු ද මේ වන විට නවතා දමා ඇත. රටේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් පවතින අවස්ථාවක, සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන්නේ රටේ ඩොලර් හිඟ නිසාද? භාණ්ඩාගාරය සිදෙමින් පවතින නිසා ද යන්න බලධාරීන් හෙළි කළ යුතුය. ගල් අඟුරු සමාගමේ ප්‍රධාන නිලධාරීන් තිදෙනාම දෛනිකව ගල්අඟුරු කොමිසමට වාර්තා කරමින් සිටින බැවින් සමාගමේ තීරණ ගැනීමක් සිදුවන්නේ නැත.
මෙම ගල් අඟුරු තොගය අහිමි වන්නේ නම් තාප විදුලි ජනනයෙන් එය කිසි ලෙසකින් හෝ උත්පාදනය කළ නොහැකි වන අතර, ගල් අඟුරු වෙනුවට ඩීසල් යොදා ජනනය කරන විදුලි ඒකකය මිල තුන් ගුණයකින් ඉහළ මට්ටමක පවතී. බාල ගල් අඟුරු හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධන ආනයන විදයම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ රටේ අනෙකුත් කටයුතු සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රමාණය කෝටා ක්‍රමයක් තුල 1/3 කින් සීමා කර ඇති පසුබිමක් යටතේ ය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා
සම කැඳවුම්කරු
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්