සලේ උපවාසය අත්නොහරී..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.
තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නිතීඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, අස්ගිරි පාර්ශ්වයේ නාහිමි විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති ඉල්ලීම පිළිබදව මෙහිදි නීතීඥවරයා විසින් සුරේෂ් සලේ මහතා දැනුම්වත් කර තිබේ.
ඒ අනුව දැනට සිදුකරන උපවාසය නතර කරන ලෙස නීතිඥවරයා සුරේෂ් සලේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත් එම ස්ථානය නිරයක් බවත් ප්‍රකාශ කර ඇති සුරේෂ් සලේ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බව ද ප්‍රකාශ කර තිබේ.
එම නිස සිය උපවාසය අත්නොහරින බව සුරේෂ් සලේ මහතා නීතීඥවරයාට දැනුම් දී ඇත.
මේ අතර පසුගියදා සුරේෂ් සලේ මහතා ප්‍රසිද්ධියේ පරීක්ෂාවට ලක්කළ බව කියන දිනයේ වීඩියෝ දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
මාසයකට පෙර වීඩියෝ දර්ශන පමණක් දත්ත ගබඩාවේ පවතින බැවින් මාර්තු 8 වන දින සිදුකළ පරීක්ෂාවේ දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකින් පරිගණක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..