ඩොලර් මිලියන 808ක් නැතිවෙලා නැහැ.. හර-බැර සමාන වුන්නෑ.. 808ක හිගයක් තියෙනවා..- මහ බැංකු අධිපති
ගෙවුම් ශේෂ ලේඛනයේ "දෝෂ සහ අතපසුවීම්" යටතේ සටහන්ව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අදහස් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෙවුම් ශේෂ ලේඛනයක් සැකසීමේදී ණය සහ බැර තීරු දෙකම සම්පූර්ණයෙන් සමාන වී ශුන්‍ය අගයක් ගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බවයි.
ආනයන සහ අපනයන භාණ්ඩ පිළිබඳ දත්ත රේගුව මගින් නිවැරදිව වාර්තා කළද, ඒ හා අනුරූපී මූල්‍ය ගනුදෙනු බැංකු පද්ධතිය හරහා වාර්තා කිරීමේදී මිලියන සංඛ්‍යාත ගනුදෙනු පවතින බැවින් ඒවා නිවැරදිව ගැලපීම ඕනෑම රටකට දුෂ්කර කාර්යයක් බව හෙතෙම පැහැදිලි කළේය.
මෙම ඩොලර් මිලියන 808 ක අගය වාර්තා වී ඇත්තේ එම ගිණුම් තුලනය කිරීමේ අයිතමයක් ලෙස බවත්, මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් මිස කිසිසේත්ම මුදල් අස්ථානගත වීමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"මහ බැංකුවට කිසිවක් අහිමි වී නැහැ, කිසිවෙකුටත් කිසිවක් අහිමි වී නැහැ. මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් පමණයි" යනුවෙන් අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවැනි විෂමතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දුන්නේ කාලානුරූපී පරතරයන්ය. උදාහරණයක් ලෙස, රේගු දත්ත අනුව අපනයන වාර්තා වුවද, එම අපනයන ආදායම මෙරටට ලැබීමට මාස කිහිපයක් ගත විය හැකි අතර, එම කාල පරතරය ගෙවුම් ශේෂ ලේඛනයේ මෙවැනි විෂමතාවයක් ලෙස සටහන් විය හැකිය.
පසුගිය වසරේ මෙම අගය සෘණ ඩොලර් මිලියන 254 ක් ලෙස සටහන් වූ අතර, ඇතැම් වසරවලදී මෙය ධන අගයක් හෝ ශුන්‍ය අගයක් ද ගත හැකි බව අධිපතිවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණික දැනුම නොමැතිකම හේතුවෙන් ඇතැම් පාර්ශවයන් මෙම දත්ත වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත්, මෙය ඕනෑම ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු දන්නා සාමාන්‍ය තාක්ෂණික ක්‍රියාවලියක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්