පාස්කු නඩුවේ ඊබ්‍රාහිම්ට එරෙහි සාක්කිකාරිය රටින් ගිහින්.. ඊබ්‍රාහිම්ට නිදහස් වෙන්න අවස්ථාවක්.. - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ට එරෙහි නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය මෙරටින් පිටව ගොස් ඇති බවත්, ඒ හරහා ඔහුට නඩුවෙන් නිදහස් වීමේ අවස්ථාවක් උදාවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊබ්‍රහිම් ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු දැනගෙන එය ආරක්ෂක අංශ වෙත දැනුම් නොදීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම යන චෝදනා යටතේය.
මෙම නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය වූයේ ඔහුගේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කළ කාන්තාව බව ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අදාළ සාක්ෂිකාරිය විදේශ රැකියාවකට ගොස් ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
ප්‍රධාන සාක්ෂිකාරිය අතුරුදන් වීම හෝ විදේශගත වීම හරහා ඊබ්‍රහිම් ට චෝදනා වලින් නිදහස් වී සුද්ධ වී එළියට ඒමට මග පෑදී ඇති බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනෙකු, ලේලියක සහ මුණුබුරන් දෙදෙනෙකු බිලි දුන් බවත්, පසුගිය රජය ඔහුට සැලකීමක් නොකළද වත්මන් මාලිමා රජය ඔහුට කළගුණ සලකමින් සිටින බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
තවද, ඉතිහාසයේ ප්‍රථම වතාවට රහස් පොලිස් විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙකු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයටත්, තවත් සැකකරුවෙකු පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කර ඇති බව පවසන ඒ මහතා, ස්වාධීන විමර්ශනයක් වෙනුවට සැකකරුවන් ලවාම විමර්ශන සිදු කිරීමට කාදිනල්තුමාට අවශ්‍ය වූයේ මන්දැයි යන්න ජනතාවට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්