කැළණි සරසවියේ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට එරෙහිව අභියාචනාධිකරණයට..
කැළණිය විශ්වවිද්‍යාලයේ ලළිත කලා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ විශේෂ රිට් පෙත්සමක් (Writ Petition) ගොනු කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ස්ථාපිත මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උසස් අධ්‍යයනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ (NCAS) අධ්යක්ෂ ධූරය සඳහා තමන්ව පත්කරන ලෙස නියෝග කරමින් 'මැන්ඩාමුස්' (Mandamus) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඇය මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
මීට පෙර ද NCAS ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස සාර්ථකව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මියගේ නිල ධූර කාලය 2026 ජනවාරි 31 වන දිනට අවසන් වීමට නියමිතව තිබී ඇත. ඒ අනුව, නව අධ්‍යක්ෂවරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2025 නොවැම්බර් 14 දිනැතිව නිල වශයෙන් අයදුම්පත් කැඳවීම් සිදුකර තිබුණි. එම නිල දැන්වීමට අනුව මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය ද අදාළ තනතුර සඳහා සුදුසුකම් සපුරාලමින් සිය අයදුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
පෙත්සමේ සඳහන් වන පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මේ සඳහා වන නිල සම්මුඛ පරීක්ෂණය 2026 ජනවාරි 30 වන දින පවත්වා තිබේ. එහිදී අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගනිමින් තමන් ප්‍රථම ස්ථානයට පත්ව සිටිය ද, තමන්ව එම තනතුර සඳහා පත් නොකර ඒ වෙනුවට වැඩබලන අධ්යක්ෂවරයා ලෙස මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාව පත් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව පෙත්සම්කාරිය කියා සිටියි.
මේ හේතුවෙන් සිදුව ඇති අසාධාරණය වෙනුවෙන්, සම්මුඛ පරීක්ෂණයේ කුසලතාවය පදනම් කරගනිමින් තමන්ව වහාම NCAS අධ්යක්ෂ තනතුර සඳහා පත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන