අධ්‍යාපන ප්‍රතිස්ංස්කරණ වහාම නතර කරනු..- අන්තරේ (පෙරටුගාමී)
රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් පවතින බැවින් එය වහාම නතර කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආණ්ඩුවට බලකර සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේ මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාත්මක වන්නක් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු පවසා සිටියේ අධ්‍යාපනයේ මූලික ගැටලු හඳුනාගැනීමකින් තොරව සහ එම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන ආකාරයෙන් මෙම ප්‍රතිසංස්කරණ සකස් කර ඇති බවයි. මෙමගින් මුළුමනින්ම ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කර ඇති අතර, එය පාසල් අතර පවතින විෂමතාවය තවදුරටත් වර්ධනය කිරීමට හේතුවන බවද ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන ප්‍රතිපාදන පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ලොව ඕනෑම හොඳ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මානව සහ භෞතික සම්පත් වර්ධනය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කළ යුතු වුවත්, ආණ්ඩුව අධ්‍යාපන වියදම් ක්‍රමානුකූලව කප්පාදු කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම 2025 වසරට සාපේක්ෂව 2026 අයවැය මගින් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 500කින් අඩු කර ඇති බව ඔහු මෙහිදී හෙළිදරව් කළේය.
මීට අමතරව පාසල් පෙළපොත් ඉවත් කිරීම වැනි බරපතල යෝජනාද මෙම ප්‍රතිසංස්කරණවල අඩංගු බවත්, මෙමගින් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව පවා නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් ඔහු චෝදනා කළේය.
මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් අගාධයට ඇද දමන මෙම ප්‍රතිසංස්කරණ වහාම නතර කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්