බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙලා..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ භාෂ්වර ගුණරත්න, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු ලෙස පෙනීසිටීමට එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙස සැලකෙන භාෂ්වර ගුණරත්න, 2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව දැනට රිමාන්ඩ් භාරයේ පසුවේ.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, භාෂ්වර ගුණරත්න වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට දන්වා සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.
ඒ අනුව තම සේවාදායකයා මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇප මත මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේ, මෙම නඩුවේ සැකකරුවකු ලෙස බැසිල් රාජපක්ෂව නම්කරන බවයි.
ඒ අනුව, දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අමරසේන විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.
එසේම භාෂ්වර ගුණරත්නව රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නඩුවේ තෙවැනි සැකකරු වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතාව ජුනි 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටද නියෝග කෙරිණි.
බැසිල් රාජපක්ෂ වෙත අන්තර්ජාතික සිතාසි (International Summons) නිකුත් කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.
ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී-ෂර්ට් මුද්‍රණය කර ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්