News Category
From Date
To Date
Maximum Number of Result

සංස්කෘතියේ ආණ්ඩුවක්..

Jun 14, 2026 at 05:07 PM
|

ආණ්ඩුවක් කියන්නේ රටක ජාතික සංස්කෘතියේ නියෝජිත ආයතනයක්. තමන්ගේ ජාතික සංස්කෘතීක් ආරක්‍ෂා කරගෙන ඒවා පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවලට පැවැරිලා තියෙනවා. සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ දී පිටස්තර සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි සටනක් කරන්න ආණ්ඩුවලට සිද්දවෙනවා. ඒ වගේ ම, අභ්‍යන්තරික සංස්කෘතික ගැටලු විසඳාගන්නත් ආණ්ඩු මහන්සිවෙන්න ඕන. සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් අභ්‍යන්තර සංස්කෘතික නවෝත්පාදන සිද්දකිරීමේ සහ පිටස්තරින් හොඳ, ඒ වගේ ම ගැලැපෙන සංස්කෘතික ආභාෂයන් ලබාගැනීමේ කාර්යයටත් ආණ්ඩුවල නායකත්වය ලැබෙන්න ඕන.

1949 ඉඳලා මේ දක්වා ම, චීන මහජන ආණ්ඩුව විසින් චීනයේ ජාතික සංස්කෘතිය ආරක්‍ෂා කරලා පෝෂණය කිරීමේ වගකීම ඉතාමත් හොඳින් ඉටු කරලා තියෙනවා. මේ ලිපියෙන් ඒ ගැන කියන්නම්.

මහජනතාවගේ පොදු යහපත සහ ප්‍රගතිය අරමුණු කරගෙන තමයි චීන මහජන ආණ්ඩුව විසින් තමන්ගේ හැම ප්‍රතිපත්තියක් ම හඳුන්වලා දෙන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් 1949 ඉදලා චීන මහජන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරපු සහ දැනටත් ක්‍රියාත්මක කරන සංස්කෘතික ප්‍රතිපත්තිවලත් මේ මහජන කේන්ද්‍රීය ලක්‍ෂණය දකින්න පුළුවන්. ලිබරල්වාදය රජ කරන ඇමෙරිකාව වගේ රටවල්වල පුද්ගල කේන්ද්‍රීය ඇගැයීම් ඉස්සරහට දාලා සංස්කෘතික නිෂ්පාදනය සිද්දවෙන බව අපි දන්නවා. ඒත් පොදු සාමූහිකත්වය ප්‍රමුඛ කරගන්න චීනය වගේ රටකට එහෙම කරන්න බෑ. ඉතින් ඇමෙරිකාවේ පුද්ගලාන්තික ලිබරල් “නිදහස” මිනුම් කෝදුවක් කරගෙන චීනයේ සංස්කෘතික භාවිතාව අගයන්නත් බෑ.

චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය මූලික වශයෙන් ලක්‍ෂණ තුනක් සහිත එකක්.

උඩින් කියපු විදිහට, චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තියේ මූලික ම ස්වභාවය තමයි ඒක මහජනයා අරමුණු කරගත්ත, මහජනයාට සේවය කිරීම වෙනුවෙන් හඳුන්වලා දීලා ක්‍රියාත්මක කරන එකක් වීම. ඕනෑ ම ස්වාධීන රාජ්‍යයක සංස්කෘතිය නිර්මාණය කරන්නේ ඒ රටේ මිනිස්සු විසින්. ඉතින් චීන ආණ්ඩුව විසින් “සංස්කෘතික නිර්මාපකයෝ සහ එහි සරන්නෝ” කියන මූලික ම ඇගැයීම තමන්ගේ ජනතාවට ලබාදීලා තියෙනවා. “සංස්කෘතික ඵල බුදින්නෝ” වෙන්නෙත් ජනතාව ම තමයි. ඊට අමතරව, සංස්කෘතික ජයග්‍රහණයන් පිළිබඳව විනිශ්චයන් ලබාදීමේ කාර්යයේත් ජනතාව නිරතවෙනවා.

ඉතින් මහ ජනතාවගේ පොදු, පුළුල් සංස්කෘතික සහ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම කියන වගකීම චීන සංස්කෘතික නිෂ්පාදන කාර්යයේ ප්‍රවේශ දොරටුව විදිහට සැළැකෙනවා. ඒ වගේ ම, මහ ජනතාවට පොදු, සාමූහික, පුළුල් විමුක්තියක් අත්පත් කරදීමේ පරම අරමුණ මේ කාර්යයේ අවසාන ඉලක්කය විදිහට සැළැකෙනවා.

සංස්කෘතික වශයෙන් පසුගාමී මිනිස්සුන්ට ජාතික සෞභාග්‍යය වෙනුවෙන් කැපැවෙන්න බෑ. සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මුල් කරගත්ත මිනිස්සුන්ට තමන්ගේ ජාතික සෞභාග්‍යය වෙනුවෙන් මහා බලයක් මුදාහරින්නත් බෑ. බෙදිච්ච, වෙන්වෙච්ච මිනිස්සු එකිනෙකා එක්ක කාකොටාගෙන විනාශවෙනවා. ඒ විනාශයන්ගේ සමස්ත ප්‍රතිඵලයක් විදිහට ජාතිය ම දුර්වල වෙලා බිඳ වැටෙනවා. ඉතින් සාමූහික විදිහට ප්‍රීතියෙන් ඉන්න, අධ්‍යාත්මික වශයෙන් පොහොසත් ජනතාවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් චීන මහජන ආණ්ඩුව තමන්ගේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යය කැප කරලා තියෙනවා.

ආරම්භක යුගයේ දී, චීන මහජන ආණ්ඩුවට පැවැරිලා තිබුණේ රට ගොඩනැගීමේ වගකීමක්. අවුරුදු සීයකට වැඩි කාලයක් නින්දාවට ලක්වෙච්ච, හැම අතින් ම පිරිහෙච්ච රටක් නැගිට්ටවන්න නම් ඒ වෙනුවෙන් කැපැවෙන ජනතාවක් ඇති කරගන්න ඕන. ඉතින් චීන මහජන ආණ්ඩුවේ මුල් යුගයේ සංස්කෘතික ප්‍රතිපත්ති තුළින් මේ අරමුණ දැකගන්න පුළුවන්. විවිධ බෙදීම්වලින් පීඩාවට පත්වෙච්ච, ඊට අමතරව රටට අවශ්‍ය පොදු සාමූහිකත්වය වෙනුවට ලිබරල් ඇගැයීම්වලට කැමැති නාගරික (විශේෂයෙන් ම උගත් සහ තරුණ) ජනතාවක් හිටිය රටක ඒ සංස්කෘතික රෝගවලට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවකුත් ඇතිවෙලා තිබුණා. ඒ මහා ජාතික ප්‍රතිකාරය “සංස්කෘතික මහා විප්ලවය” විසින් ලබාදුන්නා.

ඉතින් චීන මහජන ආණ්ඩුව විසින් ආරම්භක යුගයේ දී, උක්ත මූලික අරමුණු වෙනුවෙන් කැපැවෙච්ච අධ්‍යාපන, ප්‍රචාරක, කලා සාහිත්‍ය කටයුතුවලින් පෝෂණය කරපු සංස්කෘතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. මේ කාර්යයන් සඳහා අවශ්‍ය සංස්කෘතික ආයතන පිහිටුවීමක් ඒ කාලයේ දී ම සිද්දවුණා. ඒ ක්‍රියාමාර්ගවලින් ජනතාව සංස්කෘතික වශයෙන් සන්නද්ධ කළා. ඒ කාලයේ සංස්කෘතික නිෂ්පාදනවල ඵල මහජනතාව භුක්ති වින්දා.

1978 දි, ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නාට පස්සේ මහ ජනතාව සාමූහික විදිහට ඒ වෙනුවෙන් යොමු කරවීමේ වගකීමත් චීන මහජන ආණ්ඩුව පවරාගත්තා. ඉතින් ඒ දෙවැනි යුගයේ දී, චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති අලුත් අවශ්‍යතා වෙනුවෙන් සම්පාදන කෙරුණා. ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නාට පස්සේ වෙළෙඳපොළ ක්‍රමය ඉස්සරහට ආපු හින්දා සංස්කෘතික කර්මාන්ත අංශයටත් තැනක් ලැබෙන්න පටන්ගත්තා. ඒ කාර්යය දිරිගන්වන්නත්, තමන් ම මැදිහත් වෙලා සංස්කෘතික කර්මාන්ත ඇති කරන්නත් චීන මහජන ආණ්ඩුව යොමුවුණා.

චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පස්සේ, මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙන්නේ තුන්වැනි යුගයක් වෙනුවෙන්. චීන ලක්‍ෂණ සහිත නූතන සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම තමයි මේ තුන්වැනි යුගයේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. පුරුදු විදිහට, මහ ජනතාව කේන්ද්‍ර කරගෙන ම මේ තුන්වැනි යුගයේ සංස්කෘතික ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක කෙරෙනවා. “සංස්කෘතික බෙදා හදාගැනීම්” වගේ භාවිතාවනුත් අලුත් සංස්කෘතික ප්‍රතිපත්තියට එකතුවෙලා. ඒ වගේ ම, මහජනතාවගේ “සංස්කෘතික හිමිකම්” වෙනුවෙනුත් අලුත් ප්‍රතිපත්ති කැප කරලා. මේ හැම වැඩක් ම වෙද්දි, සංස්කෘතික නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිවෙන්න ඕන බවත් චීන මහජන ආණ්ඩුව දන්නවා. ඉතින් මේ හැම පැත්තකින් ම අලුත් සංස්කෘතික ප්‍රතිපත්ති පෝෂණය කෙරිලා තියෙනවා.

අර්ථාන්විත සංස්කෘතික නිර්මාණ සිදුකිරීමේ අවශ්‍යතාව තමයි චීන මහජන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංස්කෘතික ප්‍රතිපත්තිවල දෙවැනි ස්වභාවයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. කිසිම තේරුමක් නැති සංස්කෘතික නිෂ්පාදනවලින් කාටවත් වැඩක්වෙන්නේ නෑ. එහෙම වැඩ කරන එකෙන් ජාතියේ සංස්කෘතික, මානව සහ ආර්ථික සම්පත් විනාශවෙනවා. ඉතින් රටේ තියෙන හැම සම්පතක් ම ප්‍රශස්ත විදිහට පාවිච්චි කරලා, ඉතාමත් හොඳ සහ ප්‍රයෝජනවත් සංස්කෘතික නිෂ්පාදන සිදුකිරීමේ අවශ්‍යතාව වෙනුවෙනුත් චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙනවා. චීනයේ සංස්කෘතික නියාමන කාර්යය සිද්දවෙන්නේ මේ සාධනීය කාර්යය වෙනුවෙන් මිසක් බටහිර බල කඳවුර විසින් පුන පුනා කියන වාරණයක් වෙනුවෙන් නෙවෙයි. 1949 ඉඳලා අද දක්වා ම මේ සාධනීය ප්‍රවේශයත් දැකගන්න පුළුවන්.

සංස්කෘතික නිෂ්පාදනවලින් පොළඹවන්නේ රට ඇතුළේ ජීවත්වෙන මහ ජනතාව විතරක් නම් නෙවෙයි. සංස්කෘතික නිෂ්පාදනවල ජාත්‍යන්තර භාවිතාවකුත් තියෙනවා. ඕනෑ ම රටකට ජාත්‍යන්තර මට්ටමින් තමන්ගේ බලය තහවුරු කරගන්න නම් ඒ රටේ සංස්කෘතික බලයත් වර්ධනය කරගන්න වෙනවා. මෙහෙම වර්ධනය කරගන්න “මෘදු බලය” විසින් රාජ්‍යයකට ජාත්‍යන්තර ආකර්ෂණයක් ලබාදෙනවා. චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති මේ අරමුණ වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙනවා.

චීන මහජන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ වෙනත් රටවල් ආක්‍රමණය නො කරන, වෙනත් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟළි නො ගහන විදේශ ප්‍රතිපත්තියක්. ඉතින් මේ විදේශ ප්‍රතිපත්තියට අනුගත වෙන විදිහට තමයි චීනයේ “මෘදු බලය” නිර්මාණය කිරීමත් සිද්දවෙන්නේ.

සංස්කෘතික නිෂ්පාදන කාර්යය එක තැන පල්වෙන වැඩක් වෙන්න බෑ. ඒ වගේ ම, කලින් තිබුණු තැනින් පහළට වැටෙන්නත් බෑ. ඒ කියන්නේ සංස්කෘතික නිෂ්පාදනය දිගින් දිගට ම ඉස්සරහට යන්න ඕන. ඒ නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක වගේ ම ගුණාත්මක වර්ධනයක් තියෙන්නත් ඕන. චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිවල තියෙන තුන්වැනි ලක්‍ෂණයෙන් මේ ප්‍රගතිය වෙනුවෙන් කැපැවීමේ ස්වභාවය ප්‍රකාශ කෙරෙනවා.

කාලයට, යුගයට ගැලැපෙන විදිහට කොච්චර ඉස්සරහට ගියත් තමන්ගේ සංස්කෘතික නිෂ්පාදනවල චීන ලක්‍ෂණය රැකගන්න ඕන බවත් චීන මහජන ආණ්ඩුව දන්නවා. ඉතින් මහජන ආණ්ඩුවේ ඉදිරිගාමී සංස්කෘතික ප්‍රතිපත්තිත් චීන ලක්‍ෂණවලින් අනූනයි.

චින මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිත්, ඒ මාර්ගයෙන් කෙරෙන සංස්කෘතික නිෂ්පාදනයත් අහසින් කඩාගෙන වැටෙන්නේ නෑ. මේ හැම වැඩකට ම අදාළ විද්‍යාවත් චරණයත් ඉතාමත් හොඳින් වර්ධනය කරගන්න ඕන. සංස්කෘතික විෂයයට අදාළව චීනයේ සිද්දවෙන අධ්‍යාපන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලින් මේ අංශයේ වර්ධනය බලාගන්න පුළුවන්.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අද (2026 ජුනි 14 වැනි දා ඉරිදා) “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 45 වැනි කොටස

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.