වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1,854කට අධික මුදලක් විදෙස් ණය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ විමසීමට අනුව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 05 වන දින දක්වා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැර අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77ක මුදලක් ණය වශයෙන් ලබා ගෙන තිබේ.
මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගිවිසුම් ගතවු ව්‍යාපෘති 18 කට අදාළව වන අතර එයට බහුපාර්ශ්වික ණය සහ ද්වීපාර්ශ්වික ණය ඇතුළත් වේ.
ජපානය, කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය සහ ඉන්දියාව යන රටවලින් මෙම ණය ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර මේ වන විට ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 102.02ක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඇති බව ද මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
කෙසේවෙතත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, මේ වන විට රට තුළ ආර්ථික සංවර්ධනයක් ළඟා කරගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බවය.
මේ අතර මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලයකින් දැක ගැනීමට හැකිවනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා