භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8ක් ගියත් වාර්තා සභාගත කර නෑ.. - Free Lawyers කියයි
මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෝ අදාළ වාර්තා සභාගත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවය.
ශ්‍රී ලංකාව මේ වන විටත් පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ අතිශය තීරණාත්මක සමයක බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇති එම සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත මෙතෙක් කල් මහ බැංකු විසින් සිදුකළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණය කාර්යාලය වෙත පැවරීම සිදුව ඇති බවය.
ණය කළමනාකරණය යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ විදේශීය ණය නිසි කලට නිවැරදි පාර්ශ්වයන් වෙත ආපදු ගෙවීම් සහ ඒවායේ වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය බවත් මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමන නොකිරීම හේතුවෙන් ආයතන දෙක අතර ඇතිවූ ගැටුම් මත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයින් විසින් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ජූනි 13 භාණ්ඩාගාර මංකෝල්ලය පූර්ණ වාර්තාව by poornima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්