නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපති අනුරට ලිපියක්..
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
හිටපු බුද්ධි ප්‍රධානී, පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මත මෙම ලිපිය ජනපතිවරයා වෙත යොමුකර ඇත.
පොලිස් අත්අඩංගුවේ පසු වූ ඔබ පක්ෂයේ නිර්මාතෘවර, රෝහණ විජේවීර මහතා ඝාතනය කර ප්‍රාණය නිරුද්ධවීමට ප්‍රථම ආදාහනාගාරයට යවා පුළුස්සා දැමූ මිලේච්ඡ යුගයක බිහිසුණු පැල්ලම්, මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මත නැවත සටහන් නොවිය යුතු බව සියලුදෙනාගේම අනම්‍ය විශ්වාසය වන බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
එබැවින් ජනාධිපතිවරයා හමුවේ තැබූ සියලු කරුණු තුලනාත්මකව අධ්‍යයනය කරමින් හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා නීතියේ සමානාත්මතාවය, ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරු විසින් එම ලිපියට අත්සන් තබා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්