භාවිතය අත්හිටවූ බාල බෙහෙත් ගැන වාර්තා තාම නෑ.. - ජාතික සිවිල් පෙරමුණ
ඔන්ඩෙන්සෙට්‍රෝන් ඇතුළු ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ කාණ්ඩ දහයකට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වුවද, මේ දක්වා එම ඖෂධ සම්බන්ධ ප්‍රමිති සහතික නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ජාතික සිවිල් පෙරමුණ චෝදනා කරයි.
කාලය ඉකුත් වූ ජලභීතිකා එන්නත් භාවිත කිරීමේ සිද්ධියකට අදාළව, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සවිත් සේමගේ මහතාට එරෙහිව කොළඹ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ඇති පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ජාතික සිවිල් පෙරමුණේ කැඳවුම්කරු අචල දිවාකර මහතා මෙම චෝදනාව එල්ල කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඔන්ඩෙන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීම හේතුවෙන් රෝගීන් දෙදෙනකු පමණ මියගිය බවට සැකයක් මතු වූ අතර, එකී ඖෂධ සාම්පල තුළ බැක්ටීරියා අඩංගු වී තිබූ බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කළ වාර්තාවක ද තහවුරු වුණා. ඒ සමඟම එම සමාගමෙන්ම ආනයනය කරන ලද තවත් ඖෂධ කාණ්ඩ නවයක් පමණ තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
කෙසේ වුවත්, මෙකී ඖෂධ භාවිතයෙන් ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වී තිබියදීත්, මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති සහතික හෝ විද්‍යාත්මක වාර්තා නිකුත් කිරීමට වර්තමාන ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මෙතෙක් කටයුතු නොකිරීම දැඩි සැකයකට තුඩුදෙන්නක්."
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම ඖෂධ සම්බන්ධ විධිමත් පරීක්ෂණ වාර්තා කඩිනමින් රටට හෙළි කළ යුතු බවද ජාතික සිවිල් පෙරමුණ අවධාරණය කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්