ජනාධිපති දුන් පොරෙන්දුව අනුව පාස්කු පරීක්‍ෂණ දැන් හරියටම වෙනවා.. - අගරදගුරු
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වින්දිතයන් හමුවී ලබාදුන් පොරොන්දුව පරිදි, ප්‍රහාරයේ සත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු මේ වන විට සක්‍රීයව සිදුවෙමින් පවතින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම මෙතෙක් සැඟව තිබූ කරුණු පිළිබඳ සාක්ෂි විපරම් කරමින් පවතින බවත්, මෙම ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නිශ්චිත සාක්ෂි උසාවිය හමුවේ ඉදිරිපත් වෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එදා බලයේ සිටි පිරිස් සිය වුවමනාවන් මත යටගැසූ බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බව අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළහ.
මීට පෙර නිහඬව සිටි සාක්ෂිකරුවන් දැන් ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදීම මගින් මේ මිනීමැරුම පිටුපස තිබූ කුමන්ත්‍රණය ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම විමර්ශන හරහා තමන්ගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ හෙළිවනු ඇතැයි බියෙන් පසුවන ඇතැම් පිරිස් විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කරන බව කාදිනල් හිමිපාණන් චෝදනා කළහ.
"ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය දැක්වුවත්, පොත්පත් මුද්‍රණය කර බෙදා හැරියත්, මඩ ප්‍රහාර දියත් කළත් අපි ඒ ගැන අබමල් රේණුවක තරම්වත් බිය විය යුතු නැහැ" යැයි උන්වහන්සේ පැවසූහ.
ඇතැම් පාර්ශවයන් උසාවියේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සහ සාක්ෂිකරුවන් බියගන්වමින් සත්‍යය යටපත් කිරීමට පිළිකුල් සහගත උත්සාහයක නිරත වන බවද උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කළහ.
පුද්ගලයන් 278 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් බොහෝ පිරිසක් අසරණ කරමින් සිදුකළ මෙම මහා අපරාධයේ සත්‍යය යටගැසීමට ඉඩ නොදෙන බවත්, වරදකරුවන්ට දඬුවම් ලබා දී යුක්තිය ඉටුකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්