අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, එවැනි දැනුම් දීමකදී එම ජාත්‍යන්තර ආයතන ලබා දෙන ප්‍රතිචාර පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මේ වන විටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුකාරයන් බවට පත්ව ඇති බවත්, සාමාන්‍ය බුද්ධියෙන් යුතුව මෙම කරුණු දෙස බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයවීර මහතා, මෙය "සාක්ෂි නිර්මාණය කිරීමේ" ක්‍රියාවලියක් බවට චෝදනා කළේය.
සලේ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් 'බී' වාර්තාවේ අඩංගු නොවූ කරුණු, ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දුන්නේය.
"FBI ආයතනය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් ඇතුළු සියලු විමර්ශන නිලධාරීන් නිසැකවම ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) ශ්‍රී ලංකා ශාඛාව විසින් බවයි," යැයි පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව පවසන පරිදි මෙරට බුද්ධි අංශවල සහයෝගයක් මීට ලැබුණේ නම් එම නව තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ යුතු බව සඳහන් කළේය.
තවද, අදාළ කාලවකවානුවේදී සුරේෂ් සලේ මහතා මෙරට සේවය නොකළ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඔහු හමුදා යාන්ත්‍රණය පාවිච්චි කර කුමන්ත්‍රණයක් කළේ යැයි පැවසීම තර්කානුකූල නොවන බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා