හදිසි මිලදී ගැනීමෙන් ගෙනා පස්වන ගල් අගුරු නැවත් බාලයි..- ඇමති
හදිසි මිල දී ගැනීම්වලට අදාළ පස් වැනි නැවේ ගල්අඟුරුවල ගැටලුවක් පවතින හෙයින් සැප්තැම්බර් 1 වැනිදාට පෙර අලුත් නැවක් නොගෙනෙන්නේ නම් ටෙන්ඩර් කොන්දේසි අනුව දඩ අය කරන බවට එම සමාගමට දැනුම් දුන්නේ යැයි වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති සහ බලශක්ති වැඩ බලන ඇමැති අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
‘‘ගල්අඟුරුවල ප්‍රමිතිය අඩුවීම නිසා ඇති වෙලා තියෙන බලපෑම මොකක්ද කියන දේ ජනතාවට වැදගත්. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් දඩ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 29.87ක් රඳවාගෙන තිබෙනවා. රුපියල්වලින් නම් බිලියන 9.8ක්. බැඳුම්කරය ඩොලර් මිලියන 14.7ක්. රුපියල්වලින් නම් බිලියන 4.7ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14.72ක් මේ වන විට රඳවාගෙන තිබෙනවා.
මේ කාලයෙදි ගල්අඟුරු නිසා කොපමණ මුදලක අලාභයක් ලබා තියෙනවා ද කියලත් ගණන් බලා තිබෙනවා. ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් දක්වා රජයට බිලියන 4.5ක අලාභයක් සිදුව තිබෙනවා. ජනන සමාගමට වෙලා තියන පාඩුව බිලියන 3.1ක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් බිලියන 7ක පමණ අලාභයක් තමයි ප්‍රමිතිය නිසා ඇති වෙලා තියෙන්නෙ. මේ ප්‍රමාණය තවත් යම් ප්‍රමාණයකින් වැඩි විය හැකියි. නිශ්චිතව කියන්න බැරි තවදුරටත් ඒ ක්‍රියාවලිය යමින් තියෙන නිසා. සම්පූර්ණ අලාභය ගණනය කරන්න වෙන්නේ ඉන් පසුවයි. දැනට තියෙන ගණන් බැලීම අනුව බිලියන 10ක්, 11ක් වෙයි කියා හිතන්න පුළුවන්. නමුත් බිලියන 14.7ක් රඳවාගෙන තියෙන නිසා ඒ බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් මතු වෙන්නේ නැහැ.
හදිසි මිල දී ගැනීම්වලට අදාළ පස් වැනි නැවේ ගල්අඟුරුවල සහතිකය අනුව ගැටලුවක් තියනවා. ඒ නිසා එම තොගය භාර ගැනීමේ හැකියාවක් නොමැති බව පසුගිය ජුනි 9 වැනිදා ඒ සමාගමට දැනුම් දුන්නා. සැප්තැම්බර් 1 වැනිදාට පෙර අලුත් නැවක් නොගෙනෙන්නෙ නම් ටෙන්ඩර් කොන්දේසි අනුව දඩ අය කරන බවත් දැනුම් දුන්නා.’’
- නිලන්ත මදුරාවල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්