අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්..
වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ජී. එල්. පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිතවයි.
නීතිය සෑම පුද්ගලයෙකුටම තාරාතිරම නොබලා එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින්, ඒකාබද්ධ විපක්ෂය විසින් යොමු කරන ලද එම ලිපිය මඟින් ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව කොමිසමේ අවධානය යොමු කර තිබේ.
ලිපිය මඟින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු සහ චෝදනා වන්නේ,
1. කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම
දැඩි මානසික පීඩනය: ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැමැත්තාගේ ඇප නියෝගය අවලංගු කිරීමට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කිරීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත්, ඉන් අනතුරුව සිදු වූ ඔහුගේ අභිරහස් මරණයට පෙර ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව අනාවරණය කර ඇති බවත් විපක්ෂය පවසයි.
බලතල ඉක්මවා යෑම: කටඋත්තර ලබාදීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන්ට මිස අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඔහු සිය වපසරියෙන් බැහැරව අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත්දැයි සොයා බැලීම කොමිසමේ වගකීමක් බව ලිපියේ දක්වා තිබේ.
2. ප්‍රභූන්ට එරෙහි පැමිණිලි යට ගැසීමේ චෝදනා
කතානායක ජගත් වික්‍රමරත්න: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එරෙහිව සිදු කර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, එහි වත්මන් ප්‍රගතිය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව විපක්ෂය පෙන්වා දෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ජයකොඩි: අමාත්‍යවරයා රාජ්‍ය සේවකයෙකු ලෙස සිටි සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ නඩුවේදී කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා කරයි.
විපක්ෂ ක්‍රියාකාරිකයින් වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන කොමිසම, අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව ලිපියේ සඳහන්.
බාල ගල්අඟුරු වංචාව: බාල ගල්අඟුරු ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රාශියක් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර ඇතත්, ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවන බවක් දක්නට නොලැබෙන බව විපක්ෂය පවසයි.
වත්මන් රජයට සම්බන්ධ පුද්ගලයින් රැසකට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් කරන ලද, නමුත් මෙතෙක් කොමිසම විසින් විමර්ශනය කර නොමැති ලිඛිත පැමිණිලි ඇතුළත් විශේෂ ලේඛනයක් ද ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ලිපියට අමුණා තිබේ.
මේ සම්බන්ධයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව කොමිසමේ සභාපතිවරයාට ස්තූතිය පළ කරන ඒකාබද්ධ විපක්ෂය, වගකිව යුතු විපක්ෂයක් ලෙස සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා තමන් නියෝජනය කරන කණ්ඩායමට කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ගරු සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්