ප්‍රදේශයේ මන්ත්‍රීලාට පාසල් උත්සව තහනම් නෑ.. - අගමැති හරිනි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පාසල්වලට යාමට හෝ එහි කටයුතු නිරීක්ෂණය කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා, නව රජය පත්වීමෙන් පසු පාසල් තුළට දේශපාලනඥයන් ගෙන්වා ගැනීම නතර කරන ලෙස ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී, පසුගියදා මන්ත්‍රීවරියක් පාසලක වැසිකිළියකට මුල්ගල තැබීමට තූර්ය වාදක කණ්ඩායම් පවා යොදාගනිමින් සහභාගී වීම පිළිබඳව ප්‍රශ්න කළේය. එම ක්‍රියාව රජයේ ප්‍රතිපත්තියට පටහැනි දැයි ඔහු විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් දරුවන් දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කිරීම වැළැක්වීම බවයි.
"පාසල් උත්සව පවත්වලා ඒවා දරුවන්ට සුදුසු විදිහට නෙවෙයි, දේශපාලනය කිරීමට ඒ උත්සව පාවිච්චි කරන එකට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි" යැයි ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට තම ප්‍රදේශයේ පාසලකට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කිරීම හෝ උත්සවයකට සහභාගී වීම තහනම් කර නොමැති බවත්, රජය විරුද්ධ වන්නේ පාසල් පද්ධතිය සහ දරුවන් දේශපාලනික අරමුණු සඳහා භාවිතා කිරීමට පමණක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්