රුසියානු දිනය කොළඹදී සැමරේ
ජූනි මස 12 වන දිනට යෙදෙන රුසියානු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඊයේ(10 ) කොළඹදී උත්සවයක් සංවිධානය කරනු ලැබ තිබුණි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ග්‍රාම සංවර්ධන, සමාජ සුභසාධන සහ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය යූ. පන්නිලගේ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, සන්නද්ධ හමුදා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික හා සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍ය, විශ්ව විද්‍යාල ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යා හා සංස්කෘතික ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ රුසියානු ප්‍රජාවේ සාමාජිකයින්ද සහභාගී වූහ.
පිළිගැනීමේ කතාව කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින ජනරජය සඳහා වන රුසියානු තානාපති ලෙවාන්. එස්. දගාරියන් මහතා අවධාරණය කළේ, බහුධ්රැවික ජාත්‍යන්තර සබඳතා ක්‍රමයට සංක්‍රමණය වීමේ ක්‍රියාවලිය යටතේ, රුසියානු සමූහාණ්ඩුවේ භූමිකාව ගෝලීය ක්‍රියාවලීන්හි දී මෙන්ම එහි අභ්‍යන්තර මූල්‍ය හා තාක්ෂණික ස්වයංපෝෂණය ද අනුක්රමිකව වර්ධනය වන බවයි. රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් සමඟ මිත්‍රශීලී සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට මොස්කව්හි ගැඹුරු කැපවීම නැවත තහවුරු කරනු ලැබීය. 2027 වර්ෂයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීමට නියමිත බවත්, රුසියානු පාර්ශ්වය කොළඹ සමඟ අන්‍යනෝන්‍ය වශයෙන් වැඩදායක සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන් සඳහන් කළේය.
මෙම උත්සවය අතරතුරදී, රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘දූෂණයට එරෙහිව එක්ව!’ නම් තරඟයේ ජයග්‍රාහිකාව වන දිනිති රණවීර මෙනෙවියට සම්මාන ප්රදානය කළේය. ඇය ‘හොඳම චිත්‍රය’ යන නාමයෝජනාව යටතේ ‘අවුරුදු 21-25’ කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගත්තාය. එසේම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘පරිසර සුරැකුම් අධ්‍යාපනය, ප්‍රචාරණය සහ සංස්කෘතිය’ යන නාමයෝජනාව යටතේ ජාත්‍යන්තර පාරිසරික සම්මානය වන ‘එකෝමීර්’ හි තෙවන තරාතිරමේ සම්මානලාභිනී තුෂානි සුලේඛා මදුභෂිනී කියෙව් පාලන තන්ත්රය විසින් ඝාතනය කරන ලද ලුහාන්ස්ක් අධ්‍යාපන විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ටාරොබෙල්ස්ක් වෘත්තීය විද්‍යාලයේ සිසුන්ගේ (2026 මැයි 22) ඡායාරූප ප්‍රදර්ශනයක් උත්සවය අතරතුරදී පැවැත්වූ අතර එය ප්‍රේක්ෂකයන්ගේ පුළුල් ප්‍රතිචාරයට ලක් විය. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් ඡායාරූප ප්‍රදර්ශනය වෙත මල් තැබීමටද කටයුතු කරනු ලැබුවේය.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන