රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සහ සංවේදී ලිපියක් යොමු කර තිබේ.
සුරේෂ් සලේ මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් ද එම චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇත.
සුරේෂ් සලේ මහත්මිය පවසන්නේ තම සැමියාගේ රැඳවුම් නියෝගය තවත් දින 90කින් දීර්ඝ කර ඇති බවයි. මැයි 20 වනදා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවට අනුව, සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමේදී දරුණු ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්ව ඇති බවත්, ඔහු දැඩි මානසික ආතතියෙන් (PTSD) පෙළෙන අතර සියදිවි නසාගැනීමේ ඉහළ අවදානමක පසුවන බවත් තහවුරු වී තිබේ.
ජූනි 6 වනදා ඔහුව බැලීමට ගිය ඔහුගේ පුත්‍රයා සහ මස්සිනා වෙත සලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට තවදුරටත් මෙම අමානුෂික වධහිංසා දරාගත නොහැකි බැවින් "ජීවිතය පූජා කිරීමේ උපවාසයක්" ආරම්භ කළ බවයි. එහිදී තම අවසන් කැමැති පත්‍රය සකස් කිරීමට නීතිඥයන් අමතන ලෙසත්, මියගිය පසු ඇස් දන් දීමට අවශ්‍ය බවත් ඔහු පුතාට පවසා ඇත. දීර්ඝකාලීන වධහිංසා සහ හුදෙකලා කිරීම හේතුවෙන් ඔහු මෙවැනි තීරණ ගන්නා තත්ත්වයට පත්ව ඇති බව බිරිඳ පවසන්නීය.
රෝගී තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වීමෙන් පසු ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ රුධිරයේ සීනි මට්ටම බරපතළ ලෙස පහත වැටී ඇති බවයි. ආහාර නොගැනීම, නිදි වැරීම, නිසි වාතාශ්‍රයක් නොමැති කාමරයක රඳවා තැබීම සහ නියමිත ඖෂධ ලබා නොදීම නිසා ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වීමේ සහ හෘදයාබාධයක් වැළඳීමේ දැඩි අවදානමක් පවතී.
තම සැමියා මෙම මාරාන්තික උපවාසය අත්හැරීමට නම් රජය පාර්ශවයෙන් පියවර තුනක් ගත යුතු බව ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. එනම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට හෝ සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි සංශෝධනය කිරීමට රජය නිල වශයෙන් පොරොන්දු වීම, ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයෙන් ඉවත් කර සාමාන්‍ය බන්ධනාගාර භාරයට පත් කිරීම සහ වත්මන් CID අධ්යක්ෂවරයා පෞද්ගලික වෛරයකින් ක්‍රියා කරන බැවින්, මෙම විමර්ශනය CID බලපෑමෙන් තොර වෙනත් පොලිස් අංශයකට පැවරීමයි.
තමන් මෙම ඉල්ලන්නේ තම සැමියාට විශේෂ සැලකිල්ලක් හෝ නීතියෙන් නිදහසක් නොවන බවත්, ඔහු වරදක් කරලා තියෙනවා නම් සාධාරණ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දීලා දඬුවම් විඳින්න සූදානම් බවත් ඇය පවසන්නීය. නමුත් රජයේ අත්අඩංගුවේ ඉන්න පුරවැසියෙක්ව මේ විදිහට ශාරීරිකව සහ මානසිකව වට්ටලා මරණයට පත් නොකරන ලෙස මනෝරි සලේ මහත්මිය ආයාචනා කරයි.
දශක ගණනාවක් රට වෙනුවෙන් සේවය කළ නිලධාරියෙකු අධිකරණ තීන්දුවකින් නොව, බන්ධනාගාරය තුළ වධහිංසාවට ලක්ව මියගිය බවට ඉතිහාසගත වීමට ඉඩ නොදෙන ලෙසත්, දේශපාලන ඇසින් නොව මානුෂීය ඇසින් බලා වහාම මැදිහත් වන ලෙසත් ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන