සුරේෂ් සලේට සලකන විදිහ නීති විරෝධී නෑ.. - නලින්ද ජයතිස්ස
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය භාරයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ කටයුතු කරන ආකාරයටම සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බවයි.
බුද්ධි නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක රජයක් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුටම අවබෝධයක් තිබිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී ඔහුට අමානුෂික ලෙස සලකන බවට එල්ල වන චෝදනා රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ප්‍රතික්ෂේප කරන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රකාශ අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
සලේ මහතාට රැඳවුම් මධ්‍යස්ථානයේදී නිසි ලෙස ආහාර පාන ලබා දෙන බවත්, එසේ නොවුණහොත් ඔහුට මේ ආකාරයෙන් සිටීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් පසුගිය කාලසීමාවේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටි පුද්ගලයන්ගෙන් ඔවුන්ට කටයුතු කළ ආකාරය පිළිබඳව විමසා බැලිය හැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්