ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා.. දවසක අමාරුවේ වැටෙයි.. - නීතිඥ මනෝජ් ගමගේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් කෲර වධහිංසා පැමිණවීම වරදක් ලෙස පැහැදිලිවම දක්වා තිබෙන බවයි ඔහු සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය,
''දැන් මෙතනදී බොහෝ දෙනාගේ අවධානය යොමු නොවුණු කාරණා කිහිපයක් පිළිබඳව තමයි මා අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මෙය මේ විට එළිවෙලා තියෙනවා අධිකරණ හමුවේදී වෛද්‍ය වාර්තා අනුව ස්වාධීනව මෙම සුරේෂ් සලේ මහතාට දැවැන්ත ලෙස කෲර වද හිංසනයට සීඅයිඩිය තුළ භාජනය කරනවයි කියන කාරණය. මෙය ඉතාමත් බරපතල තත්වයක් වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වෙනි වගන්තියේ කෘර වද හිංසනය කියන දේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා වරදක් විදියට. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙනත් අපරාධ නීති සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය තියෙනවා.
හැබැයි කෲර වද හිංසනය කියන දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ උත්තරීතර නීතියට ඇතුලත් කරන හේතුව මොකක්ද? ඒ උත්තරීතර නීතියට ඒක ඇතුලත් කරන හේතුව තමයි මේ කියන නීතිය කිසිසේත්ම කිසිවෙකුටත් බලය කඩ කිරීමේ අයිතියක් නෑ. එහෙමනම් සීඅයිඩී එකට හෝ මේ රටේ ජනාධිපතිතුමාට හෝ එහෙම නැත්නම් වෙනත් කවර පාර්ශවයකට හෝ කෘර වද හිංසනය අනුමත කරලා, එහෙම නැත්නම් වද හිංසාවට මිනිහෙක් භාජනය කරලා, තමන්ට අවශ්‍ය දේ දැනගන්නකන් ඒ මිනිහට වද දෙන්න අයිතියක් නෑ.
ඒ විතරක් නෙමෙයි මෙහි තිබෙන බරපතලම කාරණය මා මේ අවස්ථාවේදී හෙළිදරව් කරන්නම්. මේ කෘර වද හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෘර වද හිංසනය පිළිබඳ සම්මුති පනතක් තියෙනවා. මේ සම්මුති පනතට ශ්‍රී ලංකාව අත්සන් තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත කියලා තවත් පනතකටත් ශ්‍රී ලංකා රාජ්‍ය අත්සන් කරලා තියෙනවා. එහෙම නම් මේකේ තියෙන බරපතලකම කුමක්ද?
අපි අනුර කුමාර ජනාධිපතිතුමාට සිහිපත් කරලා තිබෙනවා. ඔබතුමත් මෙහි පාර්ශවයක් බවට දැන් පත්වෙනවා. මොකද හේතුව එතුමා මේක අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමක් නෙමෙයි මේ සිද්ධවෙන්නේ. ඩී ඕ ගහලා, රඳවාගැනීමේ නියෝග මත, ජනාධිපතිවරයාගේ රඳවාගැනීමේ නියෝග මත තමයි මේ දේ සිද්ධවෙන්නේ. එහෙමනම්, මේ ගැන දැන දැන වෛද්‍යවරු කියද්දී ඔහුට බරපතල හිංසනයන් සිද්ධ වෙලා තියෙනවා, අමානුෂික සැලකිල්ලට භාජනය වෙලා තියෙනවා, මානසිකත්වය කඩා වැටිලා තියෙනවා කියලා. රටේ ජනාධිපතිවරයා විදිහට ඒ පිළිබඳව නිහඬව සිටීමත් මේ අන්තර්ජාතික සම්මුතීන් උල්ලංඝනය කිරීමක් විදියට තමයි අපි දකින්නේ.
ඒක නිසා අපි අවධාරණය කරන්න කැමතියි යම් දවසක මේ කරපු කෲර වද හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී මතක තියාගන්න ජනාධිපතිවරයාගේ ඉඳන් සීඅයිඩී එකේ මේකට සම්බන්ධ සියලුම නිලධාරීන්ට යම් දවසක නීතියට උත්තර බඳින්න සිද්ධ වෙනවා. අපි වරදක් කරන කෙනෙකුට තියෙන අවම දඬුවම අවුරුදු හතක සිර දඬුවම්. අවම දඬුවම අවුරුදු හතයි. උපරිම දඬුවම අවුරුදු දහයයි. මෙතෙන්දි ඉතා වැදගත් කාරණයක් කියනවා. මොකක්ද? ඒ පනතේ තුන ආ වගන්තියේ කියනවා උසස් නිලධාරීන් රාජ්‍ය අධිකාරියක් විසින් නියෝග දුන්නා කියලාවත් කිසිම මනුස්සයෙකුට වද හිංසා කරන්න බෑ. ඒක නිසා අපි සී අයි ඩී නිලධාරීන්ට මතක් කරනවා. කොහෙන් හරි ඕඩර්ස් ආවා කියලා කියන්න බෑ මිනිහෙකුට වද දෙන්න. ඒ මොන දේ කිව්වත් ඒවා විත්ති වාචකයක් නෙමෙයි කියලා මේ පනතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම නම් මනුස්සයෙකුට කෘර වද හිංසා දීලා, තමන්ගේ දේශපාලන ඇරියස් එක පිරිමහා ගන්න. තමන්ට අවශ්‍ය දේශපාලන පුද්ගලයන් දඩයම් කරගන්න කොහොමින් හරි ඒ අවශ්‍ය නමක් ගන්නකන් මිනිහෙකුට අමානුෂික ලෙස වද හිංසා දීම කිසිසේත් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි.
ජාත්‍යන්තර නීති යටතේ බරපතල වරදක් සිද්ධ වෙනවා මේ රට තුළ. ඉතාමත් පැහැදිලිව අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි පක්ෂය මැදිහත් වෙලා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත්, ඒ වගේම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් මේ සම්බන්ධයෙන් විශේෂ පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරන්න. මොකද මෙවැනි රාජ්‍යයක්, රාජ්‍යයක තියෙන පරම වගකීම් විදිහට එක්සත් ජාතීන්ගේ සම්මුතිය දක්වා තිබෙනවා. මිනිහෙකුට කූර හිංසාවට භාජනය නොවීමට වගබලා ගැනීම.
එහෙමනම් ශ්‍රී ලංකා රාජ්‍ය දැන් බාබේරියන් යුගයකට එහෙම නැත්නම් අර මිලේච්ඡයන්ගේ යුගයකට නැවතත් යමින් පවතිනවා. තමන්ට ඕන දේශපාලන හෙන්චයියන්ට, පොලීසියේ ඉහළ තනතුරු දීලා, තමන්ට ඕන මිනිස්සු දඬුවම් කරන්න. අහිංසක රණවිරුවන්ව අත්අඩංගුවට අරගෙන, කන්න බොන්න දෙන්නේ නැතුව, දැඩි ලෙස වධහිංසා දීලා, එහෙම බැරිවුණාම ඔහුව පුළුවන් නම් මැරෙනකන් ඉන්න ඉඩ අරින්න තත්වයට මේ රට පත්වෙලා තියෙනවා. මතක තියාගන්න, අපි මාලිමා මතක් කරන්න කැමතියි මේක අසූ අට අසූ නමය යුගය නෙමෙයි. මානව හිමිකම් වලට ගරු කරන යුගයක්.
එහෙමනම් ඔබ මේ මාලිමා රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයේ තියෙන බරපතලම කොන්දේසිය තමයි වද හිංසනය වැලැක්වීම. සියලුම රාජ්‍යයක අත් නොහළ හැකි වගකීමක් කියන දේ. කිසිම රාජ්‍යයකට අත්හරින්න බෑ. වද හිංසාවෙන් තියෙන ආරක්ෂා මනුස්සයෙකුට. එහෙම නම් එක්සත් ජාතීන්ගේ සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කරනවා මේ රටේ රජය විසින් දැන් මේ වන විට. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ කෘර වද හිංසාවට එරෙහි සම්මුතියට අත්සන් කරපු රටක් වශයෙන් ඒ නීති උල්ලංඝනය කරනවා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතට අත්සන් කරපු රටක් වශයෙන් ඒ ජාත්‍යන්තර නීතිය අපි උල්ලංඝනය කරනවා. ඉතින් ඒක නිසා අනුර කුමාර ජනාධිපතිතුමනි, ජනාධිපති ධූරය කියන්නේ සක්විති රජකම නෙමෙයි හැමදාම තියෙන. ඒක නිසා මතක තියාගන්න ඔබතුමා නීතියට යටත්. ඔබතුමා මේ බලයට එන්න ඉස්සෙල්ලා කියපු දේ තමයි ජනාධිපතිවරයා නීතියට යටත් කියන දේ. එහෙම නම් ජනාධිපතිතුමනි, මිනිහෙකුට කෲර වධහිංසා කරන්න ඉඩ දීලා තමන්ගේ අත්සන යොදලා ඒ මිනිහට තව වධ හිංසා දෙන්න කාලය දික් කරලා දුන්නට ඒකට ඔබතුමාටත් යම් දවසකදි නීතියට උත්තර බඳින්න වෙනවා.
ඒ විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පොලිසියේ නිලධාරීන්ට අපි කියනවා මේ ඔබට මා කියපු නීති රීති අනුව මතක තියාගන්න ඉහළින් ඕඩස් ආපු පලියට මේවා කරන්න යන්න එපා. මොකද දවසක මේ සලේට වඩා අමාරුවේ වැටෙන්න සිද්ධ වෙනවා මේවට අනුබල දෙන මේ සියලුම නිලධාරීන්ට. සලේව රඳවාගෙන සිටි අංශයේ සියලුම නිලධාරීන්ට මේ කූර වද හිංසනය ගැන දවසක උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්න කැමතියි අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේ ක්‍රියාදාමය පිළිකුල්, මිලේච්ඡ බාබේරියන් යුගයට යන ක්‍රියාදාමයක් විදිහට තමයි අපි මේක දකින්නේ.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්