ඩොලර් මිලියන 808 ක් රටින් පිටවෙලා.. IMF වාර්තාවෙන් කියලා - දයාසිරි හෙළිකරයි
ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800 කට අධික මුදලක් රටින් පිටවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් රටින් පිටවූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා කොළඹදී (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ රාජ්‍ය ආයතන රැසකින් මුදල් ලීක්වී ඇති බවත් ඩොලර් බිලියනකට ආසන්න මුදලක් මෙසේ රටින් පිටවීම විශාල ගැටලුවක් බවත් එම අගය බිංදුවේ පැවතිය යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන බවත් ඒ මහතා කීය.
විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 කට වූ සිද්ධිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඔහුගේ වාර්ෂික වාර්තාවේ හෝ සදඟන් කර නොමැති බව කී ජයසේකර මහතා පැවසුවේ ඩොලර් මිලියන 808 ක මෙම මූල්‍ය වෙනස විශේෂ පරික්‍ෂණයක් කරන්න යැයි පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත්කර ඇති පිටු 143 ක වාර්තාවේ මෙරට ගෙවුම් ශේෂයේ සියලුම ගණුදෙනු පිළිබඳව ගැලපී නොමැති තත්වයකදී එහි වෙනස සමාන කිරීමට භාවිත කරන ශිර්ෂගත අයිතමන් ගැන වෙනම වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවත් එම වාර්තාවේ ඩොලර් මිලියන 808 ක හිඟයක් පිළිබඳව බොහෝම පැහැදිළිව ප්‍රකාශ වන බවත් ඊට පෙර වසරේ එය සෘණ 254 ක් ලෙස සඳහන්ව ඇති බවත් 2025 සෘණ 808 ලෙස ඉදිරිපත්කර ඇති අතර ඉදිරියට බිංදුව ලෙස සඳහන්ව ඇති බවත් ඒ මහතා පැවසීය.
ඇත්ත වශයෙන්ම මෙවැනි වෙනසක් නොතිබිය යුතු යැයි යන ස්ථාවරයේ සිටින බව කී ජයසේකර මහතා 2025 වසරේ ඩොලර් මිලියන 808 ක් මහ බැංකුවෙන් කිසියම් විදියකට එළියට ගියාද, මොනව හරි විනාශයක් වුණාද, නැත්නම් වෙනත් චෙයක් සිදුවුණා කියන කාරණය මහ බැංකු රටට හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.
ඩොලර් මිලියන 808 ක් රටින් පිටවී ඇතැයි මෙම වාර්තාවේ ඇති කරුණු අනුව පැහැදිළි වන්නේ යැයි විශේෂඥයන්ගේ මතවී ඇති බවත් වර්තමාන ආණ්ඩුව යටතේ මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවත් ඒ මහතා කීය.
- Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්