සමුද්‍ර විජය නෞකාව අධිකාරියට පත්කෙරේ..
අමෙරිකා රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවූ 'සමුද්‍ර විජය' නෞකාව අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
දිගින් මීටර් 64ක් වන ''සමුද්‍ර විජය'' නෞකාව ටොන් 1160ක බරින් යුතුය.
පැයට මුහුදු සැතපුම් 17.1ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම නෞකාව නාවික සැතපුම් 6000ක අඛණ්ඩ මෙහෙයුමක් වෙනුවෙන් භාවිත කළ හැකිය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණයෙන් අනතුරුව 2026 පෙබරවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරිණි.
මෙම නෞකාව නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.
සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන් බලාත්මක කිරීම සඳහා වැදගත් දායකත්වයක් මෙම නෞකාව මගින් ලබා දෙනු ඇති අතර, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.
අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරික්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විණි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්