2016 දී මිලියන 23කට ගත් සුපිරි රිසෝට් එක 2026 දී මිලියන 17කට බෝහිමියාවට දෙයි..
මාලදිවයින හැමෝටම වාසනාව ගේන්නේ නෑ: හේලීස් ලෙෂර් ව්‍යාපාරයේ පසුබෑම පිටුපස ඇති ‘ඇතුළු පැත්ත’ මෙන්න!
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
හේලීස් සමූහයේ සංචාරක සන්නාමය වන ‘හේලීස් ලෙෂර්’ (හිටපු අමායා ලෙෂර්) සමාගමට අයත් මාලදිවයිනේ ‘Amaya Kudarah’ (Luxury Resort Pvt Ltd) හෝටලය ඩොලර් මිලියන 17.25ක් වැනි අඩු මිලකට විකුණා දැමීමට ඔවුන්ට සිදුව තිබේ.
වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, මීට වසර දහයකට පෙර, එනම් 2016 දී හේලීස් සමාගම මෙම ‘කුඩා රා අයිලන්ඩ් රිසෝට්’ හෝටලය මිලදී ගත්තේ ඩොලර් මිලියන 23ක් වැනි දැවැන්ත මුදලකට වීමයි. මිලදී ගත් මිලට වඩා ඩොලර් මිලියන 6කටත් වඩා අඩු මිලකට මෙය ‘Bohemia Luxury Resort’ සමාගමට විකිණීමට මැයි 16 වැනිදා ඔවුන් ගිවිසුම් ගසා ඇත.
රුපියල් බිලියන 7ක ‘පොල්ලක්’ සහ මූල්‍ය කඩාවැටීම
මෙම කුණු කොල්ලයට හෝටලය විකුණා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස හේලීස් සමූහ ව්‍යාපාරයට සිය මූල්‍ය වාර්තා තුළ රුපියල් බිලියන 6.9ක (රු. 6,900,000,000) දැවැන්ත වත්කම් හා ආයෝජන අලාභයක් (Impairment Loss) සටහන් කිරීමට සිදුව තිබේ. ඉන් රුපියල් බිලියන 2.9ක්ම හෝටලයේ කළ ආයෝජන අවප්‍රමාණය වීම් වන අතර, ඉතිරි බිලියන 2.5ක් එම අනුබද්ධ සමාගමෙන් හේලීස් මව් සමාගමට ලැබීමට තිබූ ණය මුදල්ය.
මේ නිසාම, පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ මාස 12 සඳහා හේලීස් සමූහය සිය වසා දැමූ මෙහෙයුම් (Discontinued Operations) වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1.23ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.
හේලීස් ගේම අකුලා ගත්තේ ඇයි?
ලංකාව ඇතුළේ හෝටල් 11ක් සාර්ථකව පාලනය කරන හේලීස් සමාගම මාලදිවයිනේදී මෙලෙස අසාර්ථක වූයේ ඇයිද යන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ දැඩි තරඟකාරිත්වය, මාලදිවයිනේ ඉහළ නඩත්තු පිරිවැය සහ පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික කම්පන හමුවේ හේලීස් කළමනාකාරිත්වයට මාලදිවයින ‘සුදු අලියෙක්’ වී තිබූ බව පැහැදිලිය.
තවදුරටත් පාඩු ලබන වත්කම් කරපින්නාගෙන යනවාට වඩා, පාඩුව පිටින් හෝ ඒවා විකුණා දමා ලංකාව තුළ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට හේලීස් ගත් තීරණය උපායමාර්ගිකව නිවැරදි විය හැක. නමුත්, මේ හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම 'බෝඩ් රූම්' වල කරන සැලසුම් තරම් ලෙහෙසි පහසු නැති බවයි.
සටහන | බී.එස්. මුණසිංහ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි