සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්..
චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලි ප්‍රදේශයේ ඉකුත් (31) වැනිදා පැවති සංගීත සංදර්ශනයකදී, තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව, කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ඉකුත් (02) වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිස් මූලස්ථානය පවසයි.
සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද ගීත දෙකක් මෙම සැකකරු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන පරිදි සංස්කරණය කර ඇති බවයි.
ඔහු විසින්ම එම ගීතවලට හඬ කවා, සිය සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර (Upload) ප්‍රචාරය වීමට ඉඩ සලස්වා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම ක්‍රියාව 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 (උ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින්, සැකකරු ඊයේ (03) චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන (17) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවත් පොලිසිය පවසයි.
මේ අතර, මෙම සිද්ධිය මුල් කරගනිමින් "සංගීත ප්‍රසංග හා විනෝදාස්වාදය ඇතුළු ගීත ගායනා සඳහා පොලිසියෙන් ඉඩක් නැත" යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නිවැරදි නොවන පුවතක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කර සිටී.
එබැවින්, දිවයින තුළ බලපැවැත්වෙන මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම අනෙකුත් නීති රෙගුලාසි සම්බන්ධයෙන් ද නිසි අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් සහ යුතුකමක් බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්