බොරතෙල් බැරලයක් ඩොලර් 329ට අරන්.. - මුජිබර් රහුමාන්
රජයේ වැරදි තීන්දු තීරණ සහ දුර්වල කළමනාකාරීත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදවල සමස්ත බර ජනතාව මත පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යම් ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණද, එහි වාසිය මෙරට ජනතාවට ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඒ වෙනුවට රජය ඉතා අධික මිල ගණන් යටතේ බොරතෙල් සහ ඉන්ධන මිලදී ගෙන ඇති බවත්, එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක් ඩොලර් 329ක තරම් අධික මුදලකට මිලදී ගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය. මෙතරම් විශාල මුදලකට ඉන්ධන මිලදී ගැනීමට හේතුව කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා විශාල වශයෙන් ඩීසල් දහනය කිරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් ජනතාවගේ පරිභෝජනය සඳහා ගෙන එන ලද ඩීසල් තොග විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට රජයට සිදුව ඇති බවත්, මෙය ආණ්ඩුව සිදුකළ බරපතල වරදක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වසර තුළ පමණක් හය වතාවකට වඩා ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක, විෂය භාර අමාත්‍යවරුන්ගේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ දෙස බැලීමේදී ඉදිරියේදී නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ යාමේ ලකුණු පෙනෙන්නට තිබෙන බවද රහුමාන් මහතා අනතුරු ඇඟවීය.
මෙවැනි වැරදි කළමනාකාරීත්වයක් තුළ ලෝක වෙළඳපොළේ මිල අඩුවීමේ වාසිය පවා ජනතාවට අහිමි වී ඇති බව ඔහු අවධාරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්