සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නොතිසි නිකුත් කළේ, මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ යන අය වෙනුවෙන් මෝසමක් ගොනුකර අධිකරණයේ පෙනී සිටිමින් ජනාධිපති නිතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වයට අදාලව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, තම සේවාදායකයා විශාදය, සංකාව, පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාවය යන රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට එම වාර්තාවේ සඳහන්ව ඇති බවත් එම නිසා සියදිවි නසාගැනීමේ අවධානමක් ඇති බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම, රැදවුම් නියෝග මත සිටින තම සේවාදායකයාගේ මානසික ප්‍රතිකාරවලට සුදුසු පරිසරයක තබන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාලව නියෝගයක් ලබාදීමට නම් පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බැවින් හෙට (04) දිනට නඩුව යළි කැඳවීමටත් එම අවස්ථාවට පෙනී සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිතිවරයාට දැනුම් දෙමින් නොතීසියක් ද අධිකරණය මගින් නිකුත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා