QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම 'මේ සතියේ සිට තදින්' ක්‍රියාත්මක කරන්න යයි..
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කරන්නේ රටේ ඉන්ධන පරිභෝජනය අඩු කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා මේ සතියේ සිට QR ක්‍රමවේදය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම හමුවේ මැයි මාසය වන විට ඉන්ධන සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 524ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින්, මෙම පියවර නොගතහොත් සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරන්නේ පිරවුම්හල් වෙත නිකුත් කරන සහ ඒවායින් පාරිභෝගිකයින්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයන් මේ සතියේ සිට පූර්ණ නිරීක්ෂණයට ලක් කරන බවයි.
QR ක්‍රමයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල දිරි දීමනා කපා හැරීමට කටයුතු කරන අතර, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් තහවුරු කරන්නේ මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට හිමි කෝටාවන් අඩු නොවන බවයි.
පවතින ක්‍රමවේදය අනුව සෑම සෙනසුරාදා දිනකම වාහන සඳහා වන සතිපතා ඉන්ධන කෝටාව අලුත් වන අතර, ලොරි සඳහා ලීටර් 200ක්, බස් සඳහා ලීටර් 100ක්, වෑන් සඳහා ලීටර් 50ක්, විශේෂ කාර්ය සහ ඉඩම් වාහන සඳහා ලීටර් 40ක්, කාර් සඳහා ලීටර් 25ක්, ත්‍රිරෝද රථ සඳහා ලීටර් 20ක් මෙන්ම යතුරුපැදි සහ කොඩ්‍රසයිකල් සඳහා ලීටර් 8ක් බැගින් වෙන් කර ඇත. මීට අමතරව වාහන අංකයේ අවසාන ඉලක්කම ඔත්තේ හෝ ඉරට්ටේ වීම පදනම් කර ගනිමින් අදාළ දිනවලදී පමණක් ඉන්ධන නිකුත් කිරීම ද සිදු කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්