ඉදිරියේදී තෙල් මිල නැවත වරක් ඉහළ යනවා.. IMF එකට පොරොන්දු වෙලා.. - පාඨලි චම්පික රණවක
පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට තෙල් මිල නැවත වරක් ඉහළ යනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය උදාවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව බවයි.
කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සහනාධාරය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල් බිලියන 57ක මුදලක් වෙන්කර තිබූ බවයි.
දේශපාලන පක්ෂවල විවේචන සහ මිල ගණන් සැසඳීම් පිළිබඳවද ඔහු මෙහිදී අදහස් දැක්වීය. තමා අමාත්‍යවරයාව සිටි සමයේ ඩීසල් මිල තීරණය කිරීම සඳහා 'සිංගප්පූරු ප්ලැට්ස්' දර්ශකය පදනම් කරගත් බව සිහිපත් කළ ඒ මහතා, එකල ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිංගප්පූරුවේ සාමාන්‍ය ඩීසල් මිල පමණක් සොයා බලමින් තමා අසත්‍ය පවසන බවට චෝදනා කළ අයුරුද මතක් කර දුන්නේය. වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව අදාළ දර්ශකය පහළ යමින් පැවතියද, මෙරට ඩීසල් මිල රුපියල් 281ක් විය යුතු පසුබිමක අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ එය රුපියල් 403ක් දක්වා ඉහළ මට්ටමක පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව වත්මන් මිල ඉහළ යාමට හේතුව ලෝක වෙළෙඳපොළේ අර්බුදයක් නොවන බව ඔහුගේ අදහසයි.
"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ යුක්‍රේන යුද්ධය ඇවිළී ගිය මොහොතේ බ්‍රෙන්ට් කෲඩ් ඔයිල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගියත් දේශීය වෙළෙඳපොළේ තෙල් මිල වැඩි කළේ නැහැ. හැබැයි අද බැරලයක මිල ඩොලර් 93ක් වැනි අඩු මට්ටමක තියෙද්දිත් මිල ඉහළ දමනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ යුද සමයේදී පවා රට තුළ මෙවැනි ඉන්ධන හිඟයක් ඇති වුණේ නැහැ. අද වන විට ඩීසල්, පෙට්‍රල් වගේම ගල්අඟුරු සම්බන්ධයෙන් පවා අර්බුද නිර්මාණය වී තිබෙන්නේ කිසියම් ජාවාරමක ප්‍රතිඵලයක් නිසයි."
වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පාලන සූදානම දැඩි ලෙස විවේචනය කළ රණවක මහතා, රාජ්‍ය පරිපාලනය මෙහෙයවීම සඳහා අවශ්‍ය බුද්ධිමය පරිණතභාවයක් පාලකයින්ට නොමැති බවත්, ඔවුන් සතුව ඇත්තේ උද්ධච්චකමක් පමණක් බවත් පැවසීය.
සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ ප්‍රතිචාර (Comments) පළ කරමින් සහ සාවද්‍ය මත ප්‍රචාරය කරමින් තමන් සාර්ථක බව පෙන්වීමට රජය උත්සාහ කළද, එම සර්වප්‍රකාර ප්‍රතිරූපය දැන් බිඳ වැටෙමින් පවතින බව විදේශ අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී දැකගත හැකි වූ හිස් අසුන්වලින් මනාව සනාථ වන බවද ඔහු කීය. විදේශයන්හි ජනප්‍රියත්වයක් මවාපාමින් පිම්බූ 'මාලිමාවේ' බැලුම දැන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද හුළං බහිමින් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්