තියුණු ආයුධයකින් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ප්‍රංශ පොලිසියේ වෙඩි පහරින් මියයයි..
ප්‍රංශයේ පැරිස් නුවරදී තියුණු ආයුධ පෙන්වමින් ජනතාවට තර්ජනය කර, පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ප්‍රංශ පොලිසිය විසින් තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම පසුගිය මැයි 30 වන දින සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරු පිහි දෙකක් අතැතිව පොදු ස්ථානයක රැඳී සිටිමින් එහි සිටි සිවිල් වැසියන්ට තර්ජනය කර ඇත. එහිදී ඔහු විසින් පුද්ගලයන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර තිබේ.
වහාම ක්‍රියාත්මක වූ ප්‍රංශ පොලිස් නිලධාරීන් සැකකරුට අවි බිම දමා යටත් වන ලෙස නියෝග කළ ද, ඔහු එය ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් අවට සිටි පිරිස් වෙත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කර ඇත. පසුව ඔහු ප්‍රංශ පොලිස් නිලධාරීන්ට ද තර්ජනය කරමින් ඉදිරියට පැමිණි අවස්ථාවේදී, මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙම හිටපු ත්‍රස්තවාදී සාමාජිකයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා "කුට්ටි" නමැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවයි. ඔහු ශ්‍රී ලංකාවේ මලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රභාකරන් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රබල සටන්කාමී බලකායක් වන "චාල්ස් ඇන්තනි විශේෂ බලකායේ" හිටපු විශේෂ අණදෙන නිලධාරියෙකු වූ "ගෝපි" නමැත්තාගේ බාල සහෝදරයා බව ද පැවසේ.
මියගිය "කුට්ටි" නමැත්තා 2009 වසරේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, පසුව ඔහු ප්‍රංශයට සංක්‍රමණය වී ඇති බව වාර්තා වේ.
(තොරතුරු - සමාජ මාධ්‍යයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්