ලෝක වෙළඳපොලේ තෙල් මිල 26%කින් අඩුවෙලා.. එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදී තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ.. - උදය ගම්මන්පිල
අද දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
"මාලිමා ආණ්ඩුව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා තිබෙනවා. 2022 දී ලෝක යුද්ධ දෙකක් මැද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට ඉහළ ගිහිල්ලා ඒ වගේම ඩොලරය රුපියල් 371 දක්වා වටිනාකම වැඩි වෙලා තිබුණු පසුබිමක පෙට්‍රල් වලට මිල නියමක නියම කළ මිලට වඩා වර්තමාන මිල යන්තම් රුපියල් 35 යි අඩුයි.
මේ මිල වැඩි කිරීම අතාර්කිකයි, අසාධාරණයි. ඇයි අපි එහෙම කියන්නේ? 2026 අප්‍රේල් මාසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණු නිසා අපේ රටේ තෙල් මිල වැඩි කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය වෙනස්.
2026 අප්‍රේල් 29 වෙනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වුණේ ඩොලර් 114 යි. අද වෙනකොට ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනකොට ඒක ඩොලර් 84 දක්වා ඩොලර් 30 කින් නැත්නම් 26% කින් මිල අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මැයි මාසය තුළදී විතරක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් නැත්නම් 26% කින් අඩු වෙලා තියෙනවා.
එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදීම තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම සමස්ත ලෝකය පුරාම තෙල් මිල අඩු කරමින් පවතින පසුබිමක තමයි ලංකාවේ මේ තෙල් මිල වැඩි කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. මේ දක්වා අපිට කිව්වේ අපේ පවතින තෙල් තොගය අත්පත් කර ගැනීමට ගිය වියදම බලලා සෑම මාසෙකම තෙල් මිල තීරණය කරනවා කියලා. ඕකටනේ ඔය මිල සූත්‍රය කියලා කිව්වේ.
පසුගිය මාස ගණනාවක් පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට අපේ රටේ තෙල් මිල වැඩි වුණා, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. හැබැයි, ලෝක වෙළඳපොළේ එසේ මෙසේ නෙවෙයි, දැවැන්ත ලෙස මිල අඩුවීමක් සිදුවෙමින් තිබියදී අපේ රටේ මිල වැඩිවීම සිද්ධ වුණේ කොහොමද? මේක හරි අරුම පුදුම මිල සූත්‍රයක්නේ. ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. අනිත් පැත්තට ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. වැඩි වෙනකොටත් වැඩි වෙන, අඩු වෙනකොටත් වැඩි වෙන අරුම පුදුම මිල සූත්‍රය තිබෙන්නේ ලංකාවේ පමණයි.
අර ජිප්සීස් සුනිල් හිටියා නම් කියයි, "ලංකාවේ ලංකාවේ, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" කියලා.
දැන් මේ පසුබිම යටතේ බලශක්ති ඇමතිවරයා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරලා, ලෝක වෙළඳපොළේ බරපතල ලෙස තෙල් මිල 26% කින් අඩු වූ මාසෙක ලංකාවේ මිල වැඩි වුණේ කොහොමදැයි කියන එක රට ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුයි.
ඇත්තටම මේ මිල වැඩි කලේ යුද්ධය හින්දා නෙවෙයි, සුද්දය හින්දා. ලංකාව තමයි පහුගිය කාලේ ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගත්තේ. අපි එහෙම දැවැන්ත ලෝක වාර්තාවක් තියලා කියලා නිකමට ආණ්ඩුවේ ලොක්කෝ අපිට කිව්වේ නෑනේ අපිට පොඩ්ඩක් ආඩම්බර වෙන්න. ඒකත් අපි දැනගත්තේ HSBC ලොක්කගෙන්.
ලොකු කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් කීයටවත් මේ ලෝකයේ ඉහළම මිලට අපට ඩීසල් මිලදී ගන්න වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ඩීසල් ඇතුළු පිරිපහදු කළ තෙල් මිලදී ගන්නේ මැදපෙරදිගින් නෙවෙයි, සිංගප්පූරුවෙන්. ඒ නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එන නැව් වලට, රතු මුහුද හරහා එන නැව් වලට අය කළ විශේෂ රක්ෂණ ගාස්තුවට අපේ පෙට්‍රල් ඩීසල් නැව් යටත් වුණේ නෑ.
හැබැයි මේ කතාව අපි කියනකොට මාලිමාවේ ඉන්න මෝඩ මන්ත්‍රීවරු කියනවා අපූරු කතාවක්. ඒ අය කියනවා මේ මාලිමාව, සිංගප්පූරුවෙන් පෙට්‍රල් ඩීසල් අපි ගෙනාවට, සිංගප්පූරුවට බොරතෙල් ගෙනාවේ පිරිපහදු කරගන්න මැදපෙරදිගින්, ඒවාට ඉහළ රක්ෂණ ගාස්තුවක් අය කරපු නිසා තමයි අපිට ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වුණේ. ඒක හතරබීරි කතාවක්නේ. එහෙනම් සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා ආසියාවේ අනෙකුත් රටවල් සියල්ලටම මේ ඉහළ මිලට ඩීසල් මිලදී ගන්න වෙන්න ඕනේ. එහෙනම් ලංකාව විතරක් ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගැනීම සිද්ධ වුණේ කොහොමද?
ඒකට නම් හේතුව රක්ෂණ ගාස්තුව නෙවෙයි, ඔය දේශපාලකයෝ අය කරපු වෙනත් ගාස්තුවක්, පගාවක්, කොමිස් මුදලක් කියන එක තමයි අපිට අනුමාන කරන්න තිබෙන්නේ.
එතකොට යුද්ධය නිසා මිල වැඩි වුණු බව ඇත්තක්, ඒක හැම රටටම බලපෑවා. අපි වැඩි මිල ගෙව්වේ යුද්ධය නිසා නෙවෙයි, සුද්දය නිසා. මාලිමා ආණ්ඩුවේ කවුරු හරි දැවැන්ත කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් අපිට ලෝකයේ ඉහළම මිලට පිරිපහදු කළ තෙල් වර්ග මිලදී ගන්න වෙන්නේ නෑ.
ඉතින් මාලිමා ආණ්ඩුවේ දූෂණ වල බරපැන ඇයි මේ රටේ ජනතාව දරන්න ඕනේ? ඒක දරන්න ඕනේ පැලවත්තේ ලොකු අයියා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බල කරලා කියා සිටිනවා, මේ තෙල් මිල වැඩි කිරීම වහාම ඉවත් කරගෙන, පැලවත්ත පක්ෂ අරමුදලෙන්, ලෝක ඉතිහාසයේ ඉහළම මිලට තෙල් මිලදී ගැනීමෙන් සිදුවුණු පාඩුව පැලවත්ත පක්ෂ අරමුදලෙන් අය කරගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්