News Category
From Date
To Date
Maximum Number of Result

අටමස්ථාන වාර්තාව..

May 28, 2026 at 04:11 PM
|

මුළු සමාජය ම බිඳ වට්ටලා කුණු ගොඩක් බවට පත් කරලා තියෙද්දි, ඒකේ තැනින් තැන පණුවෝ මතුවෙන එක අමුතු දෙයක් නෙවෙයි. ලෙඩවෙච්ච ශරීරවලින් තමයි සැරව ගලන්නේ. ඉතින් අපේ සමාජයේ විවිධ තැන්වලින් වාර්තා වෙන අපරාධ සිදුවීම් ගැන විස්තර හොයන පුරුද්දක්, ඒවා ගැන ඉවරයක් නැතුව කියවන පුරුද්දක් මට නෑ. මම වදවෙන්නේ මේ මහා සමාජය නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් විදිහක් ගැන විතරයි. ලිබරල් පුද්ගලික අන්තවාදය හරහා ඉස්සරහට දාපු කාමසුකල්ලිකානු යෝගී ජීවිත රටාවෙන් අපේ සමාජය මුදවාගෙන ඒක අත්ථකිලමතානු යෝගී උගුලටත් ගොදුරු කරන්නේ නැතුව සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයකින් අපේ අවුල් නැති කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් කැපැවෙලා වැඩ කරනවා.

මෑතක මහා සද්දයකින් වාර්තා කරපු “අටමස්ථාන සිදුවීම” සම්බන්ධයෙනුත් හරි හමන් දැනුමක් මට නෑ. ලොකු සද්දයක් ඇති කරපු හින්දා ඒකට අදාළ වාර්තාවක් දෙකක් මම කියෙව්වා. මම ඒ වැඩේ කළෙත් උඩින් පල්ලෙන්. ඉතින් මේ නිශ්චිත සිදුවීම ගැනත් ප්‍රාමාණික දැනුමක් මට නෑ.

සන්නිවේදන විෂයය සෑහෙන දුරකට හදාරලා තියෙන හින්දා මෙච්චර ලොකු සද්ද ඇතිවෙන්නේ ඇයි කියන එක නම් මම දන්නවා. මේවා සමාජ සද්ද නෙවෙයි. මේවා සංවිධානාත්මකව, මහා පරිමාණයෙන් ඉස්සරහට දාන දේශපාලන සද්ද. හුඟක් වෙලාවට සමාජයේ අවධානය මුළුමනින් ම වෙන පැත්තකට යොමු කරන්න ඕන වුණාම මේ වගේ ලොකු සද්ද ඇති කරනවා. ලෝකයේ හුඟක් රටවල්වල මේ වැඩේ කරනවා.

අටමස්ථාන සද්දය ඉස්සරහට දැම්මාට පස්සේ බල නහර කතාව මිනිස්සුන්ට අමතක වුණා. දැන් කවුරුවත් ලාල්ගේ ගේ ගැන කතා කරන්නෙත් නෑ. අටමස්ථාන සිද්දිය ඇතිවුණා ද නැද්ද කියන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ සමාජ මාධ්‍ය ගිණුම් ලක්‍ෂයක් විතර යොදාගෙන කරපු මහ දැවැන්ත සද්දය ගැන විතරයි.

අදාළ වාර්තාවල බොහොම ඩ්‍රැමටික් කතන්දරත් තියෙනවා මම දැක්කා. තමන්ට අතවර කළාට පස්සේ ශිෂ්ණයෙන් දියරයක් පිටවෙනවා තමන් දැක්කා කියලා අදාළ ළමයා කියනවා. ඒ වගේ ම, එහෙම පිටවෙච්ච දියරය පාපිස්සේ පිහදාපු බවකුත් කියනවා. මේ “කට උත්තරයේ වචන” ඒ ළමයාගෙන් ම ඉපැදිච්ච එකක් කියලා හිතන්න අමාරුයි.

මම මෙහෙම කියන්නේ ඇයි?

ඔය දියරය පිටවෙනවා දැකලා සතියක් ඇතුළත ඒ ළමයා මෙහෙම කට උත්තරයක් දුන්නා නම් ඒක ගැන වාද කරන්න හේතවුක් නෑ. අවුරුදු දෙකකට කලින් ඒ දේ වෙද්දි ළමයාගේ වයස අවුරුදු 13 ක් කියලා කියනවා. ඉතින් මුල් ම අත්දැකීම ලබපු ළමයාට ඒ දියරය ගැන දැනුමක් නැතිවීමේ විශාල ඉඩක් තියෙනවා. ඒත් පහුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ ළමයා තව සෑහෙන පිරිසක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු බවකුත් කියනවා. ඉතින් මුල් සිදුවීමෙන් අවුරුදු දෙකකට පස්සේ දෙන කට උත්තරයක තවමත් එහෙම “දියරයක්” (නො දන්නා දෙයක්) ගැන කියන්න ඉඩක් නෑ. දැන් මේ ළමයා පැහැදිළිව ම ඒ දියරය මොකක්ද කියලා දන්නවා. ඉතින් ළමයා අනිවාර්යයෙන් ම තමන් දැන් දන්න වචනවලින් තමයි කට උත්තරය දෙන්නේ. ළමයා එහෙම කළා නම්, මේ වැඩේ ඩ්‍රැමටික් වෙන්නේ නෑ.

පාපිසි කතාවත් සිහි කල්පනාව තියෙන මිනිහෙක්ට හිතාගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අවශ්‍ය අඩුම කුඩුම තියා අමතර රෙදි කෑල්ලක්වත් නැති ගල් ගුහාවක් වගේ තැනක මේ වැඩේ වුණා නම් පාපිසි කතාවට අර්ථයක් ලැබෙනවා. ඒත් මේ කියන්නේ එහෙම තැනක් ගැන නෙවෙයි. මේ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැති තැනක් ගැන. ඉතින් “පාපිසි කතාවත්” මේ වැඩේ ඩ්‍රැමටික් කරන්න ඇතුළු කරපු එකක් කියලා තමයි මට හිතෙන්නේ.

‍මම අවධාරණය කරන “ඩ්‍රැමටික් කිරීම” මේ ළමයාගේ උවමනාවට මේ ළමයා විසින් ම කරපු එකක් කියලා හිතන්න බෑ. මේක අනිවාර්යයෙන් ම, වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් ඒ ළමයාට කියලා දීපු දෙයක්. මේ කතා වරදින්නේ නැතුව කියන්න අවශ්‍ය පුහුණුවීම් පවා ලබාදෙන්න ඇති කියලා හිතන්න පුළුවන්.

කොහොම වුනත්, මේ අතවර සිදුවීමට අටමස්ථානාධිපති හාමුදුරුවෝ සම්බන්ධ ද නැද්ද කියලා තීන්දුවක් දෙන්න ඕනකමක් මට නෑ. මෙහෙම සිදුවීම් විග්‍රහ කරලා ඒවා ගැන තීන්දු දෙන එක මම කරන දේශපාලන කාර්යයට අදාළ නෑ. අදාළ තීන්දු තීරණ ගැනීම් කැමැති අය කැමැති විදිහට කරගත්තාට මට කමක් නෑ. (බුද්ධ ශාසනය ආශ්‍රිතව ඇති කරලා තියෙන ප්‍රශ්න - විශේෂයෙන් ම, අපේ ස්වාමීන්වහන්සේලාගේ විනය පිළිබඳ ප්‍රශ්න ගැන නම් අපිට පුළුල් දේශපාලන අර්ථයකින් සාකච්ඡා කරන්න පුළුවන්. ඉඩක් ලැබුණාම මම ඒ ගැන ලියන්නම්).

මේ අටමස්ථාන වාර්තාවත් එක්ක තවත් පචයක් සමාජගත කරනවා. ඒ තමයි “හැම කෙනෙක් ම නීතියට එක විදිහට යවත්” කියන ටොම් පචය. උසාවි යන්න නම් යහමින් සල්ලි තියෙන්න ඕන. සල්ලි නැති කෙනෙක්ට හරි හමන් නීතිඥයෙක් හයර් කරන්න පුළුවන් ද? මහ සල්ලිකාරයෝ උසාවි යද්දි මහා ජනාධිපති නීතිඥයෝ පවත්වාගෙන යන නීතිඥ සමාගම්වල සේවය ලබාගන්නවා. ඒ සේවය වෙනුවෙන් ඕන තරම් සල්ලි විසි කරන්න මහ සල්ලිකාරයන්ට පුළුවන්. ඒත් අපි වගේ අතේ සතේ නැති මිනිහෙක්ට උසාවි යන්න සිද්දවුනොත්?

සල්ලිවලින් නැති සාක්කි හදන්නත් පුළුවන්. තියෙන සාක්කි නැති කරන්නත් පුළුවන්. විමර්ශන වාර්තා අතුරුදහන් කරන්න, නඩු වාර්තා තියෙන ගබඩා කාමරවලට ගිනි තියන්න අපි වගේ දුප්පත් මිනිස්සුන්ට බෑ. මේ විෂයයට අදාළ තව කාරණා මහ ගොඩක් තියෙනවා. ඒ හැම එකක් ම කියන්න ඕනත් නෑ. සමහර ඒවා කියන්නත් බෑ. ඉතින් “හැම කෙනෙක් ම එක විදිහට නීතියට යටත්” කියන කතාව මිනිස්සු අන්දන තවත් ටොම් පචයක් විතරයි කියලා තේරුම්ගත්තාම හොඳට ම ඇති.

අපේ රටේ සිවිල් නඩුවලට මූලික වශයෙන් රෝම - ලන්දේසි නීතියත්, අපරාධ නඩුවලට මූලික වශයෙන් බ්‍රිතාන්‍ය අපරාධ නීතියත් යොදාගන්නවා.  1815 ට කලින් නෙදර්ලන්තයේ පාවිච්චි කරපු රෝම නීතියට තමයි “රෝම - ලන්දේසි නීතිය” කියලා කියන්නේ. උන් ඒ නීතිය විසි කරලා දාලා මේ වෙද්දි අවුරුදු 211 ක කාලයක් ගතවෙලා. ඒත් අපි තවමත් ඒ නීතිය කරේ තියාගෙන යනවා. ඉතින් මේ පරණ යටත්විජිත නීතිවලට හැමෝම යටත්වෙන්න ඕන කියලා තමයි අපේ කට්ටිය කියන්නේ.

අපිට අපේ ම නීති පද්ධතියක් හදාගන්න පුළුවන්. ඒ වැඩේට අදාළ මූලධර්ම සහ සංකල්ප ඝණනාවක් මම “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතේ පරිච්ඡේද 9 කින් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මෙහෙම අපේ ප්‍රශ්න විසඳන දැනුමක් නිර්මාණය කිරීම ගැනත් මම වදවෙනවා.

ඇතිවෙච්ච සද්දයට අදාළ දේශපාලන - සන්නිවේදන පසුබිම ගැනත්, පවතින නීතියේ ස්වභාවය ගැනත්, අපි අපේ ම නීතියක් හදාගන්න ඕන කියන කාරණය ගැනත් කියන්නයි මම මේ ලිපිය ලිව්වේ. එහෙම නැතුව එදිනෙදා සිදුවීම් ගැන නඩු තීන්දු දෙන්න ඕනකමක් මට නෑ. මුලින් ම කියපු විදිහට මම මූලික වශයෙන් වදවෙන්නේ සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයක් හඳුන්වලා දීලා ඒ මාර්ගයෙන් අපේ අවුල් නැති කරගන්න විතරයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.