ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදෙන්නේ එදා මේකට විරුද්ධ වූ අනුර කුමාරමයි - මෙරට දත්ත පිටස්තර පුද්ගලයන් අතට පත්වීමේ අවදානම ගැන විමල් හෙළිකරයි..
ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට, විපක්ෂයේ සිටියදී වත්මන් ජනාධිපතිවරයා විරුද්ධ වුවත්, මේ වන විට මාලිමා ආණ්ඩුව එය මුළුමනින්ම ඉන්දියානු සමාගමකට පැවරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී ආරම්භ වූ මෙම කටයුතු වෙනත් රටකට භාරදීමෙන් මෙරට දත්ත පිටස්තර පුද්ගලයන් අතට පත්වීමේ අවදානම ගැන කතා කළ වත්මන් ජනාධිපතිවරයාම දැන් එම කටයුතු ඉන්දියානු සමාගමකට කොන්දේසි විරහිතව පවරා දීමට සූදානමින් සිටින බවද විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේදී මේ සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම් සමග සාකච්ඡා කර තිබුණත්, ඔවුන් සෑම අයවැයකදීම මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දෙපාර්තමේන්තුවට මෙම ව්‍යාපෘතියට අදාළ මුදල් වෙන් කළ බවද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමග පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
මෙරට පවතින නීතිය අනුව ඩිජිටල් හැඳුනුම්පත සැකසීමේ බලය ඇත්තේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට වන අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ ඉන්දියානු සමාගමකට එවැනි බලයක් නැති බවත්, මේ වන විට හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතුවලින් සියයට 99ක් පමණම අවසන් කර ඇති බවත් විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා