News Category
From Date
To Date
Maximum Number of Result

මහ බැංකුවේ රැවටෙන්න එපා නිවේදනයට, 'රැවටෙන්න එපා 15කින්' මානව හිමිකම් කේන්ද්‍රය උත්තර දෙයි..

May 27, 2026 at 06:18 AM
|

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මැවීමක් සිදුකරමින් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් පළ කළ මාධ්‍ය නිවේදනයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ ‘රැවටෙන්න එපා’ යන සටහනට ප්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්දය යළි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි විධායක අධ්‍යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්‍ය දෙකකින් යුතු නිවේදනයක් නිකුත් කර ඇත. එය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ පුවත්පත් නිවේදනයට දැක්වූ ප්‍රතිචාරයකි. මෙයට මාස 9 කට පෙර ද මහ බැංකුව ‘රැවටෙන්නට එපා!’ සමාජ මාධ්‍ය දැන්වීමක් පළ කළේය.    

‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් භාණ්ඩාගාර මංකොල්ලය සිදු කර දින 35 ක් ගතවී ඇති නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳව හෝ තම අධීක්ෂණය යටතේ ඇති ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කිරීමක් සිදු කර නැත.  

මෙයට පෙර 2015 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය අවස්ථාවේ දී ඒ පිළිබඳ අනාවරණය කළේ ද, අර්ජුන මහේන්ද්‍රන් දෙවන වාරය සඳහා අධිපති ධූරයට පත් කිරීම වැලැක්වීමට නඩු පවරනු ලැබූවේ දී රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

2021 දී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට වැලැක්වීමට රජිත් කිර්ති තෙන්නකෝන් විසින් නඩු පවරනු ලැබූ නමුත් නීතිපතිවරයා එයට විරුද්ධ වූයේය.  2022 දී මුදල් අච්චු ගැසීම පිළිබඳ මාගේ නිවේදනයටත් එදා  මහ බැංකුව ‍’රැවටෙන්න එපා’ යැයි කී අතර එයින් දින 100 කටත් අඩු කාලයක් තුල රට  බුන්වත් භාවය (Bankruptcy)  ප්‍රකාශයට පත් කළේය.  කබ්රාල් මහතා විදේශගතවීම වැලැක්වීම වැලැක්වීමට අධිකරණ නියෝගයක් ගනු ලැබුවේ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.  

අප සංවිධානයේ පුවත්පත් නිවේදනයේ දැක්වෙන  කරුණු 15 කට මහ බැංකුව සෘජු හා විශ්වසනීය පිළිතුරු ලබාදී නැත.  ඩො.මි. 2.5 සිද්ධියෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට නොපැමිණි ලෙසම, මුදල් ලේකම් මාධ්‍ය මඟහරින ලෙසම, මහ බැංකුව ද විෂයගත කරුණට නිශ්චිත කරුණු දැක්වීම් සිදු කරන්නේ නැත. 

1. රැවටෙන්න එපා! 2025 ජනවාරි මස රු. බිලියන 14,439.1 ක් වූ  ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රු. බිලියන 16,585.7 දක්වා  රු. බිලියන 2,146.1 (ට්‍රිලියන 2.1) කින් ප්‍රසාරණය වී ඇත. එහි බලපෑම මේ වන  විට ආර්ථිකයේ සෑම අංශයක් විසින්ම අත්විදිමින් ඇත.  

2. රැවටෙන්න එපා!  2025 දී රු. බිලියන 1,653.3 ක් ද, 2026 ජනවාරි - මාර්තු දක්වා රු. බි. 610.7 කින් ද ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම) පුළුල් වී ඇත. 

3. රැවටෙන්න එපා! මහ බංකුව වානිජ්‍ය බැංකුවෙතින් ඩොලර් මිලදී ගැනීමට, සිය සේප්පුවල තැම්පත් කර ඇති රුපියල් නෝට්ටු භාවිත කරයි.   එය මුදල් මැවීමකි  (අච්චු ගැසීමකි) 

4. රැවටෙන්න එපා! ලංකා අර්ථික අර්බුදය ලොව පුරා යහපත් නොවන සිරස්තල මවමින් ඇත. ලංකාවේ උද්ධමනය ගැන ගෝඨාභය සමයේ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ  Steve Hanke සිය අලුත්ම X පණිවුඩයේ ලංකාව ගැන දක්වන්නේ,  INFLATION STORY = MONEY SUPPLY STORY ලෙසිනි.  2021 අර්බුදය සමයේ දී ද මහ බැංකුව Steve Hanke නිවේදන වැරදි බව නැවත නැවත ප්‍රකාශ කළ නමුත් මහා ව්‍යසනයක් වලක්වා ගත නොහැකි වූවේය. 

5. රැවටෙන්න එපා! මුදල් අච්චු ගැසීම ගැන වසර 15 ක් සතිපති වාර්තා සපයන රංග සිරිලාල්  X පණිවුඩයකින් පවසන්නේ, Rupee under pressure with Central Bank printing money: Rupee depreciated 7.2% against the US dollar so far this year to 353.17 rupees from last weeks 327.35 & last years 299.61. @CBSL printed 309.4 billion rupees in March bringing first three months printing to Rs. 610.7 billion යනුවෙනි. මහ බැංකුව මේ ගැන කරුණු නොදක්වයි.

6. රැවටෙන්න එපා! නව මුදල් නෝට්ටු මුද්‍රණය පුළුල් ලෙස දෛනික පරිහරණයට එක්වී ඇත.  2025 ජනවාරි 1 දිනට ට ‘සංසරණයේ පැවති ව්‍යවහාර මුදල්’ රු. මිලියන 1,351,312 ක් විය.  2026 මැයි 22 ට එය රු. මිලියන 1,655,268 දක්වා රු. මිලියන 303,956 ක් වැඩි වී ඇත.  ‍(මහ බැංකු වාර්තාව තුල වෙනස පැහැදිලිව වටහා ගත හැකිය. 

7. රැවටෙන්න එපා. මහ බැංකුවේ අධිපතිවරයා වානිජ්‍ය බැංකු ප්‍රධානීන් හා බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා දෙකක දී ඩොලරයේ අගය රු. 329/ 335 සීමාවේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත. 

8. රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රු. 330 ක පාලන මිලක් (නිල නොවන ලෙස) ප්‍රකාශයට පත් කර ඇත. 

9. රැවටෙන්න එපා! ආනයනකරුවන්ට දින 90 ක් තුල මුදල් රටට ගෙන ඒමට දී තිබූ අවස්ථාව මේ වන විට දින 30 දක්වා සීමා කර ඇත.  

10. රැවටෙන්න එපා! උකස් රත්‍රං හා අදාළව 70% ක උපරිම සීමාවක් මහ බැංකුව පනවා ඇත. 

11. රැවටෙන්න එපා! වාහන ව්‍යාපාරය අවුල් ජාලාවක් බවට පත්ව ඇත. 

12. රැවටෙන්න එපා! මැයි 24 දින අනාවැකි පළ කළ ලෙසම, අද (මැයි 26) මහ බැංකුව පොලී අනුපාත  8.75% දක්වා ඉහළ නංවා ඇත. 

13. රැවටෙන්න එපා!  ඉන්ධන මිල ද එලෙසම ඉහළ නැංවීම හැර රජයට වෙනත් විකල්පයක් නැත. 

14. රැවටෙන්න එපා! 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් මස අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සොච්චමකින් පමණී.  2023 – 2024 වසරවල සෑම මසකට ඩො. මි. 175 බැගින් සංචිත වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත් වූ නමුත්, අද විදේශ සංචිත එක තැන පල්වෙමින් ඇත. 

15. රැවටෙන්න එපා! 2024 නොවැම්බර් මස රු.බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රු. බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇත. (වසරක අඩුවීම පහත වගුවේ දැක්වේ) 

ශ්‍රී ලංකා මහ බැංකුව ඉහතින් දැක්වූ කරුණු 15 ගැන දත්ත පාදක විග්‍රහයක් සිදු කරන තුරු කරුණු වසන් කිරීමට නිකුත් කරන පුවත්පත් නිවේදන හා සමාජ මාධ්‍ය පෝස්ට් සඳහා රැවටිය යුතු නැත.  

මහ බැංකුවේ රැවටෙන්නට එපා! පළමු දැන්වීම මෙයට මාස 9 කට පෙර පළ කර ඇත. එතැන් පටන් අද දක්වා, 

• මහ බැංකුව විසින් ලිපිගොනු සකස් කර මෙහෙයුම් ආරම්භ කළ ගිණුමකින් ඩො.මි. 2.5 ක් අතුරුදන්ව ඇති අතර එයින් මේ දක්වා සොයාගෙන ඇත්තේ ඩොලර් 200 ක් පමණී. 

• මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති NDB බැංකුවේ රු. බිලියන 13 ක් අතුරුදන්වී රටෙන් පිටතට මුදල් රැගෙන ගොස් ඇත. 

• මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුවේ දී, රු. මිලියන 656 ක වැඩිපුර ගෙවීමක් සිදු කර ඇත.  

• මහ බැංකුව අධීක්ෂණය යටතේ ඇති සම්පත් බැංකුවේ මහනුවර ශාඛාවේ දැවැන්ත වංචාවක් සිදුව ඇත. 

• පිරමිඩ ජාවාරම අඛණ්ඩව ඉදිරියට යන්නේය. 

• ශ්‍රී ලංකන් සමාගමේ චෙන්නායි හා මැදපෙරදිග මුදල් හුවමාරුවේ දී මුදල් අතුරුදන්වී ඇත. 

• තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් සේවය (USPS) වෙත ගෙවූ ඇමරිකානු ඩොලර් 625,000 ක්  ද තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇත. 

• මාර්ග සංවර්ධන අධිකාරියේ RDA  ද්විත්ව  මුදල් ගෙවීම් සිදු කරඇත.  

• අස්වැසුම ලාභීන් 90,000 කට ද්විත්ව/වැඩිපුර මුදල් ගෙවා ඇත. එම මුදල් තවමත් අයකර ගැනීමට හැකිව නැත. 

 රැවටෙන්නට එපා! 

රජිත් කීර්ති තෙන්නකෝන් 

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය  

2026 මැයි 26

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.