ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු ඝාතනය වේ
ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ඊයේ(25) ඉරාන ඨස්නිම් පුවත් පත වාර්තා කළේය. ඔහු නමින් ජෙනරාල් සෙයිද් රාසි මූසාවි වන අතර ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) කියා සිටියේ ජෙනරාල් සෙයිද් රාසි මූසාවි ඊශ්‍රායල විරෝධී “ප්‍රතිරෝධී පෙරමුණට” සහාය දැක්වීම සඳහා සිරියාවේ කටයුතු කළ බවයි.
ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තිය ඉරානයේ ඨස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රථමයෙන් වාර්තා කරන ලද අතර ඉන් ටික වෙලාවකට පසු IRGC විසින් එම ප්‍රවෘත්ට්තිය තහවුරු කළේය. "පැය කිහිපයකට පෙර, ඩැමස්කස් හි ළමුන් ඝාතනය කරන සියොන්වාදී පාලන තන්ත්‍රයේ සාපරාධී මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්, IRGC හි ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශකයෙකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් සෙයිඩ් රාසි මුසාවි දිවි පිදූවේය." IRGC නිකුත් කළ ප්‍රකාශය පැවසුවෙය.
මූසාවි "සිරියාවේ ප්‍රතිරෝධී පෙරමුණට සහාය දීමේ වගකීම දැරීය" යනුවෙන් IRGC ප්‍රකාශය මගින් අවධාරණය කරන අතර ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරාකයේ සහ සිරියාවේ විවිධ ෂියා මුස්ලිම් සන්නද්ධ සංවිධාන ඇතුළු ඉරානයේ පිටුබලය ලබන ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්වල පුලුල් සභාගය සම්බන්ධයෙන්ද සඳහන් කරමින් IRGC සිය ප්‍රකාශය මගින් කරුණු හෙළිදරව් කළේය.
මූසාවි යනු 1990 ගණන්වල අග භාගයේ සිට 2020 දී අමෙරිකා එක්සත් ජනපදය විසින් ඝාතනය කරන තෙක් IRGC හි QUDS බලකායට අණ දුන් Qasem Soleimani ගේ සමීපතම සගයෙකි. QUDS බලකාය මූලික වශයෙන් ඉරානයෙන් පිටත ක්‍රියාත්මක වන අතර, “ප්‍රතිරෝධී පෙරමුණේ සිටින අය ඇතුළුව ටෙහෙරානයේ සහචරයින්ට සහාය සහ පුහුණුව ලබා දෙයි. ”
එහි වත්මන් අණදෙන නිලධාරී, බ්‍රිගේඩියර් ජෙනරාල් එස්මයිල් කානි, ඊශ්‍රායලයට එරෙහි සටනේදී හමාස් සංවිධානයට ආධාර කිරීමට නොවැම්බරයේදී පොරොන්දු වූ අතර, ටෙහෙරානය "මෙම කුරිරු සතුරාට සහ ඔහු පිටුපස සිටින අයට ගාසා තීරය සහ එහි වීරෝදාර ජනතාව යටත් කර ගැනීමට ඉඩ නොදෙන" බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පලස්තීන සටන්කාමී කණ්ඩායමට දන්වා ඇත්තේ සෘජු හමුදා මැදිහත්වීමකට ඉරානයේ සහාය ලබා නොදෙන බවයි.
කෙසේ වුවද ඊශ්‍රායල හමුදාව 24 වනදා එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා නැති අතර සාමාන්‍යයෙන් සිරියානු අහසේ කළ සිය මෙහෙයුම් සම්බන්ධයෙන් නිහඬව සිටීමට කටයුතු කරමින් සිටිති. හමාස් සමඟ යුද්ධය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් යානා සිරියාවේ අර්ධ ගුවන් මෙහෙයුම් නිතර නිතර සිදු කර ඇති අතර, ඉරානය සමඟ පෙලගැසී ඇති සන්නද්ධ කන්ඩායම් විසින් භාවිතා කරන බව පැවසෙන ගුවන් තොටුපලවල් සහ වෙනත් මධ්‍ය්ස්ථාන වෙත පහර එල්ල කිරීමට කට්යුතු කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්