සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු නැවක් නොරොච්චෝලේට ගෙනල්ලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළිකරයි..
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන පැමිණි MV JOSCO YONGZHOU නැවේ ප්‍රමිතිය ‘සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප’ කළ යුතු අගයේ පවතී. 2026 අප්‍රේල් 30 දින 10.09 ට Bureau Veritas Solutions South Africa (Pvt) Ltd වෙතින් ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන සුජන්ත රත්නායක වෙත මෙම පැටවුම් වරාය වාර්තාව (Lord Port Report) යොමු කර ඇති අතර, එහි පිටපත ගල් අඟුරු සමාගමේ සියළුම නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර ඇත.
පැටවුම් වරාය වාර්තාව අනුව 2026 අප්‍රේල් 28 සහ 29 දෙදින දකුණු අප්‍රිකාවේ Richards Bay Coal Terminal වරායෙන් ගල් අඟුරු මෙ.ටො. 59,766 ක් මෙම නැවට පටවා ඇත. ගල් අඟුරු ලෙස ලේබල් කර ඇති නමුත් මෙහි අළු ප්‍රතිශතය ඒකක 16.8 කි. ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස (LCC Reject Values for Coal) අගය දැක්වෙන්නේ ඒකක 16 ක් ලෙසය. ඒ අනුව, මෙම ගල් අඟුරු නැව දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ හැකියාවක් ලංකා රජයට (ගල් අඟුරු සමාගමට) නැත.
මෙයට පෙර රැගෙන ආ ගල් අඟුරු නැව් 18 ක්, යම් දඩ මුදලකට යටත් කොට මුදල් ගෙවා ගොඩබානු ලැබ ඇත. නමුත්, පැටවුම් වරායේ වාර්තාව අනුව ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ‘ප්‍රමිතියෙන් බාල’ පළමු ගල්අඟුරු නැව මෙයයි. මෙහි ගල් අඟුරු නොව වැඩිපුරම පවතින්නේ ‘අළු’ ය.
ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති මෙම ගල්අඟුරු තොගය නොරච්චෝලට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇත.
මෙම ගල්අඟුරු තොගය ගොඩබෑමට පෙර, ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය, තාක්ෂණික කමිටු මගින් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති අතර මෙම නැව ගොඩබෑම සිදු නොකළ යුතු බව ද, මුදල් ගෙවීම සිදු නොකළ යුතු බව ද ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ අවධාරණය කරයි. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු කමිටු සහ විගණන කාර්යාලය මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ යුතු බව ද, ගල්අඟුරු කොමිෂන් සභාව වහා මේ පිළිබඳ විමසිය යුතු බව ද අපගේ විශ්වාසයයි.
මෑතක දී, ‘සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කළ යුතු බාල ප්‍රමිතියේ’ නැවක් මෙරටට පැමිණ ඇති පළමු අවස්ථාව Taranjot Resource (pvt) Ltd විසින් සිදු කළ මෙම නැවයි.
‘ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය’ පිලිබඳව ජාතික විගණන කාර්යාලය විසින් 2026 අප්‍රේල් 2 දින සකස් කරනු ලැබු වාර්තාවේ 6.6.3 හි මෙම සමාගම පිළිබඳ මෙසේ දැක්වේ.
ලියාපදිංචියට පෙර සපුරා තිබිය යුතු සමාගම විසින් අපේක්ෂා කරන ලද ප්‍රමිතියට හෝ ගල්අඟුරු සැපයීමට අපොහොසත් වී තිබුණු Taranjot Resource (pvt) Ltd සමඟ 2026 මාර්තු 30 දින ගිවිසුම්ගත වී තිබුණු බව නිරීක්ෂණය විය.
ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ Trident Champhar Limited සමාගම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් පසුව, රජය සිදු කළ හදිසි මිලදී ගැනීම් යටතේ තවත් ටෙන්ඩරයක් ප්‍රධානය කළ අතර එම ටෙන්ඩරය Taranjot Resource (pvt) Ltd වෙත ප්‍රධානය කරනු ලැබීය. මේ දක්වා නොරොච්චෝල වෙත පැමිණි ‘තත්වයෙන් වඩාත්ම බාල’ නැව එම සමාගම විසින් සැපයුම් කළ මෙම නැවයි.
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබා මිලදී ගැනීම හේතුවෙන් මේ වන විට රජයට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 20 කට වැඩි පාඩුවක් වී ඇතැයි විවිධ පාර්ශව විසින් කරුණු දක්වා ඇත. බාල ගල් අඟුරු සැපයූ සමාගම් වලට ගෙවීම් නොකර සිටීමට දැනටමත් රජය කෝටි 960ක් රඳවාගෙන තිබෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට පැවසීය.
යම් හෙයකින් මෙම ගල්අඟුරු ගොඩබානු ලබන්නේ නම්, එයට ගෙවීම් සිදු කිරීමට හැකියාවක් රජයේ මුදල් රෙගුලාසි අනුව ගල් අඟුරු සමාගමට නැත.
නීතිඥ අතුල ද සිල්වා 07777 69787
නීතිඥ පියල් දර්ශන ගුරුගේ 07186 47910 (මාධ්‍ය විමසීම්)
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන