රටට හොද විපක්ෂයක් ඕන.. ලංකාවේ රුපියල කඩා වැටෙන ඇත්ත කතාව කිසිවෙක් කියන්නේ නෑ.. - උවිඳු විජේවීර
"මේ බංකොලොත් විපක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි.විපක්ෂය දකින්නේ හීන.ඒ විපක්ෂයට තව ටික දවසකින් මහ උලු ගෙදරට වෙලා හීන දකින්න පුලුවන්.
පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය තරම් දේශපාලනයේ අ යන්න තේරෙන්නේ නැති අය නෑ.විපක්ෂය සැබෑ ජනතා ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ නෑ." යැයි දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් සිදුකළ කතාව පහතින්..
"ආර්ථික වශයෙන් අපි හමුවේ තියන අර්බුදය විශාලයි. මේ ආණ්ඩුව හිතනවා අර්බුදයකට යන්නේ නෑ කියලා.කලින් ආණ්ඩු හිතුවෙන් එහෙමයි.
ඩොලර් එක ශක්තිමත් වෙලත් නෑ. ඩොලර් එකත් කඩා වැටෙන වෙලාවක් මේක.
ලංකාවේ රුපියල කඩා වැටෙන ඇත්ත කතාව කිසිවෙක් කියන්නේ නෑ.
මේ ආණ්ඩුවත් කලින් හිටපු අයත් කිව්වේ බලය ගත්තම ආර්ථික ප්‍රශ්න විසදනවා කියලයි.තවම ජාවාරම්කාර ව්‍යාපාරිකයන් රකිනවා.
හෝමුස් ප්‍රශ්නෙ යුධමය තත්වය මේ ආර්ථික ප්‍රශ්නයට එක හේතුවක් පමණයි.
ජනාධිපතිතුමා කියනවා තෙල් පරිස්සම් කරගන්නලු.අපි අහන්නේ ඇයි රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ කියලා. ජනාධිපතිතුමා තමා කියපු දේවත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා.
ඩොලර් 750 ට ඩීසල් අරන් රට අර්බුදයකට පත් නොකර රුසියාවෙන් තෙල් ගත යුතුයි.
මේ රටේ ආර්ථිකය විනාශ කරන තැනට පලවෙනි ඇනේ ගැහුවේ ජේ ආර් ජයවර්ධන ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමය මේක.
ඩොලර් බිලියන කීයක් එලියේ රදවාගෙන ඉන්නවාද.ජනාධිපතිතුමාට කරට අතදාගෙන ඉන්න ව්‍යාපාරිකයන් කීදෙනෙක් නම් ඩොලර් පිටරට හංගන් ඉන්නවද. මේ රටට එන්නේ මැදපෙරදිග කොරියාවේ ඉන්න අහිංසක තරුණ තරුණියන්ගේ සල්ලි.
ඒ විතරක් නෙවෙයි ඔය ව්‍යාපාරිකයින්ම තමයි ඒ සොච්චම් ඩොලර් ටික ආයි භාණ්ඩ ගේන්න පිටරටට යවන්නේ.
කල ලොකු වරදක් වාහන් ආනයනය කිරීම. රුපියල කඩා වැටෙන්නේ මේ නිසයි. විදෙස් විනිමය පනත හදලා තියෙන්නේ ජාවාරම්කාරයින්ට අවශ්‍ය විදියටයි.
මේ ආණ්ඩුවට වෙන්නේ ගෝඨාභයට වෙච්ච වැඩේමයි.
මේ රටේ නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන.
යහපාලන ආණ්ඩු කාලයේ ගතපු ණය ටික නිසයි මේ රටට විශාල ආර්ථික ප්‍රශ්නයක් ආවේ.යුද්ධය කාලෙවත් ගතපු නැති ණය ගත්තේ යහපාලන කාලයේ.දැන් ඒ අය ආර්ථික ඔස්තාර්ලා වෙලා.
ඒ වගේම මේ බංකොලොත් විපක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි.විපක්ෂය දකින්නේ හීන.ඒ විපක්ෂයට තව ටික දවසකින් මහ උලු ගෙදරට වෙලා හීන දකින්න පුලුවන් .
පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය තරම් දේශපාලනයේ අ යන්න තේරෙන්නේ නැති අය නෑ.විපක්ෂය සැබෑ ජනතා ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ නෑ.
රටට දැන් විකල්ප විපක්ෂයක් අවශ්‍යයි.
ජනතාව ඉස්සෙල්ලාම ගහලා පන්නන්නේ විපක්ෂයට. අපි කතා කරන්නෙ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි අපි උත්තරයත් කතා කරනවා.
මේ විපක්ෂය පාලන බලයේ ඉන්නකොට කරපු දේවල් හැමෝම දන්නවා.
ජනතාව මේ ආණ්ඩුව පත් කලේ දූෂිතයන්ට දඩුවම් දෙන්න.
ඒ දඩුවම් දෙනකොට නහයෙන් අඩන එක සාධාරණයි. විපක්ෂයට විපක්ෂයේ කාර්ය කරන්න බෑ කලින් කරපු වැරදි එලියට එනවා. ඒ නිසා විපක්ෂය මර්ධනය වෙලා. රටට හොද විපක්ෂයක් ඕන."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි