රට ඉන්න අය ඉක්මනට ඩොලර් එවන්න.. නැත්නම් අමාරුවේ.. - ඇමති වසන්ත
රට ඉන්නපවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් තමන් සතු ඩොලර් මෙරටට එවිය යුතු බවත්, එසේ නොවුණහොත් එහි අහිතකර ප්‍රතිඵලවලට අවසානයේ ඔවුන්ම ගොදුරු වනු ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
ඩොලරයේ අගය හෙට හෝ අනිද්දා තවදුරටත් ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඩොලර් රඳවා තබා ගැනීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍යවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
ඩොලර් මෙරටට එවීමට කටයුතු කිරීම රටේ ආර්ථික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.
විදේශගත ලාංකිකයන්ට අමතරව සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන්ට සහ අපනයනකරුවන්ට ද අමාත්‍යවරයා විශේෂ දැනුම්දීමක් කළේය.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් මෙරටට ගෙන්වා ගැනීමටත්, අපනයනකරුවන් සතු විදේශ විනිමය රුපියල් බවට පත් කිරීමටත් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙම විදේශ විනිමය නිසි පරිදි රට තුළට ගලා නොඑන්නේ නම්, එමගින් නිර්මාණය වන ආර්ථික අර්බුදයේ ගොදුරක් බවට එම පාර්ශවයන්ම පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙළඳපොළේ පවතින සුවිශේෂී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයන් සූරාකෑමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව රජය අනිවාර්යයෙන්ම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම ඇතැම් පාර්ශවයන් පවතින ආර්ථික තත්ත්වය වැරදි ලෙස විග්‍රහ කරන බවත්, එවැනි විකෘති විග්‍රහයන් නිවැරදි කිරීමට කාලය වැය කිරීමට රජයට සූදානමක් නොමැති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..