ඇඩම් ස්මිත්ගේ සදිසි හස්තය
පරිභෝජනවාදයට මිනිස්සු ගොදුරු කරගන්න තියරි ගොතපු සහ ගොතන චිකාගෝ කල්ලිය (Chicago school of economics) ඒ වෙනුවෙන් නිතර ම අල්ලගන්න කෙනෙක් තමයි ඇඩම් ස්මිත්. තමන්ගේ අරමුණු වෙනුවෙන් ඒ අය යොදාගන්නේ 1776 දී ඇඩම් ස්මිත් විසින් පළ කරපු “ජාතීන්ගේ ධනය” පොතේ තියෙන “අදිසි හස්තය” (invisible hand) කියන අදහස. ඇත්තෙන්ම, චිකාගෝ කල්ලිය විසින් උඩදාන්නේ ඇඩම් ස්මිත්ගේ අදහස ම නෙවෙයි. ඒ අය තමන්ට ගැලැපෙන ස්මිත් කෙනෙක් හදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේ අලුත් පුද්ගලයාව නම් කරලා තියෙන්නේ “චිකාගෝ ස්මිත්” (Chicago Smith) කියලා.
“චිකාගෝ ස්මිත්” කියන විදිහට මිනිසුන්ගේ හැසිරීම විශ්ලේෂණය සඳහා යොදාගන්න පුළුවන් එක ම වලංගු පදනම තමයි එක එකා තුළ තියෙන ආත්මාර්ථකාමීත්වය. මිනිස්සුන්ගේ පුද්ගලික සහ දේශපාලන නිදහස සහතික කරන්න පුළුවන් වෙළෙඳපොළේ අදෘශ්‍යමාන හස්තයට මිසක් ආණ්ඩුවේ බර, දෘශ්‍යමාන හස්තයට නෙවෙයි.
මේ “චිකාගෝ ස්මිත්” හදලා ඉස්සරහට දාපු විදිහ ගැන පස්සේ කියන්නම්. මේ ලිපියෙන් කියන්නේ ඇඩම් ස්මිත්ගේ දෘශ්‍යමාන හස්තය වෙළෙඳාමට සම්බන්ධ වෙච්ච විදිහක් ගැනයි.
උඩිනුත් කියපු විදිහට, ඇඩම් ස්මිත් “ජාතීන්ගේ ධනය” පොත ප්‍රකාශයට පත් කළේ 1776 අවුරුද්දේ. ඊට පස්සේ අවුරුද්දේ (ඒ කියන්නේ, 1777 දී) ඔහු අලුත් රස්සාවක් භාරගත්තා. ඒක එඩින්බරෝ රේගුවේ ඉහළ තනතුරක්. රේගුව කියන්නේ නිදහස් වෙළෙඳාමට හිතු හිතු විදිහට හැසිරෙන්න ඉඩදෙන ආයතනයක් නෙවෙයි. ඒක ආණ්ඩුව විසින් වෙළෙඳාම හීලෑ කරන්න යොදාගන්න බොහොම බලගතු දෘශ්‍යමාන හස්තයක්.
ඉතින් මේ නිදහස් වෙළෙඳාමේ මහා මුනිවරයා විදිහට හඳුන්වන ඇඩම් ස්මිත් රේගුවට වෙලා නිදහස් වෙළෙඳාම මේච්චල් කරන්න මැදිහත් වුණා. ආනයනය කරන භාණ්ඩවලින් තීරුබදු එකතුකිරීම, නීති නොතකා වෙළෙඳාම් කරන්නන්ට දඩ ගැසීම වගේ වැඩ ගොඩක් ඇඩම් ස්මිත්ගේ රාජකාරිවලට ඇතුළත් වෙලා තිබුණා.
ඇඩම් ස්මිත් කියන්නේ බොරුකාරයෙක් කියලා කියන්න බෑ. ඔහු සදාචාරය බොහොම ඉහළින් උස්සලා තියපු කෙනෙක්. ඔහුගේ ජීවිතයත් මහ අමුතු එකක්. ඔහු කවදාවත් විවාහ වුණේ නෑ. ඔහුට කිසිම ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට වාර්තාවකුත් නෑ. රාජකාරිවලට ගෙදරින් පිටවෙලා හිටිය අවස්ථාවල දී හැරෙන්න ඔහු දිගට ම ජීවත්වුණේ තමන්ගේ අම්මා එක්ක. අවුරුදු 90 ක් ජීවත්වෙච්ච ඒ අම්මා මියගියේ 1784 දී. ඊට පස්සේ ඇඩම් ස්මිත් ජීවත්වුණේ තව අවුරුදු 6 ක් විතරයි.
1790 ජුලි 17 වැනි දා ඇඩම් ස්මිත් මියගියා. ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු 67 ක්. මියයන්න දවස් කීපයකට කලින් ඔහු ලොකු හපන්කමක් කළා. ඒ තමයි, 1777 – 1790 කාලය තුළ ලිව්වත් පළ නො කරපු පොත් සහ ලේඛන එකතු කරලා ගිනි තියන එක. ඉතින් ඔහු මේ ලෝකයට දායාද කරන්න උත්සාහ කරපු දැනුමෙන් විශාල ප්‍රමාණයක් පිච්චිලා අළු බවට පත්වුණා.
ඇඩම් ස්මිත්ගේ සදිසි හස්තය එහෙම එකක්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්