ජන රජ දිනය..
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය සෑම වසරකම මැයි මස 22 වැනිදාට යෙදී ඇත. එදින 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ යටත්විජිත බැඳීම් සම්පූර්ණයෙන්ම අහෝසි කර, පූර්ණ ස්වාධීන හා ස්වෛරී ජනරජයක් බවට පත්වූ ඓතිහාසික දිනය ලෙස සිහිපත් කරනු ලබයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් අප "නිදහස" ලැබුව ද මීට වසර 54 කට පෙර, එනම්, 1972 මැයි 22 එතෙක් පැවැති බ්‍රිතාන්‍ය මහා රැජිණ හෝ රජු රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ඩොමීනියන් තත්වයේ (Dominion Status) පාලනයෙන් මෙරට නිදහස් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස "සිලෝන්" (Ceylon) නාමය "ශ්‍රී ලංකාව" ලෙස නිල වශයෙන් වෙනස් කෙරුණු අතර, ඉන් පසුව මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා පත් කෙරිණි.
ඩොමීනියන් තත්වයේ "නිදහස" තුළ පැවතියේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද අග්‍රආණ්ඩුකාරයාගේ බලය යි. එමෙන්ම, මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය හිමිව තිබුණේ එංගලන්තයේ ආයතනයන්ට ය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රආණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුව ද නීතිගත වූයේ නැත. විශේෂයෙන්ම, මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූව ද සන්නද්ධ සේනාවන් හි සේනානායකයා වූයේ අග්‍රආණ්ඩුකාරයා ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට ය.
එවැනි දීන තත්වයට ඇද හෙලා තිබු නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් කළේ 1972 මැයි 22 දා ය. ඒ, ගරු සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනියගේ නායකත්වයෙන් පැවති පාලනය විසින් ය. කලක් යනතුරු මේ දිනය අභිමානවත්ව සමරණ ලද රාජ්‍ය උත්සවයක් බවට පත්ව තිබුණත්, පසුව එය ඉතිහාසයේ දින දසුනෙන් උවමනාවෙන්ම මකා දැමුවේය.
කෙසේ වුවද ජනරජ දිනයක් ඇතිවීමට 1971 තරුණ නැගීටීමේ බලපෑමක්ද තිබූ බව බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ.
අප පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ මෙදින, අප ඊට හිමි ගරුත්වය ලබා දී සමරන්නේ නැතුවාක් මෙන්ම ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් හිතා මතාම නොසලකා හැර ඇත්තේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..