News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රභාකරන්ගේ භූ ගත බංකරයක් තිබූ දර්මපුරම් ගම්මානයේ වැසියන් අද කියන කතාව - පළමුවන කොටස

May 22, 2026 at 07:18 AM
|

2009දී  එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරමින් අවසන් කෙරුණු සිව්වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ 2006 අගෝස්තුවේදීය. අඩියෙන් අඩිය ඉදිරියට ඇදෙමින් යුද්ධයේ අවසාන ඉසව්ව වෙත හමුදාව ළඟා වෙද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය කිලිනොච්චිය හා මුලතිව් අතහැර තම අවසාන බළකොටුව ආරක්ෂා කර ගැනීමට පියවර ගත්හ. ඒ වන විට කොටි නායකයන් රැඳී සිටියේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේය. හමුදාවට මුහුණදීම සඳහා ඉරණමඩු, දර්මපුරම්, විශ්වමඩු, ඔඞ්ඩුසුඩාන්, මුල්ලයාවලි උතුර යන ප්‍රදේශ ඔස්සේ මුලතිව් වෙරළ දක්වා ඔවුන්ගේ ආරක්ෂක වළල්ල තැනීමට ඔවුහු පියවර ගත්හ. මෙහිදී හමුදාවෙන් එල්ල කෙරෙන ප්‍රහාර අවම කර ගැනීම සඳහා ඔවුන් භාවිත කළ උපාය වූයේ එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් මිනිස් පලිහක් සේ තබා ගැනීමය.

කොටි බළකොටුවක්ව පැවැති දර්මපුරම් ගම්මානය ඊළාම් යුද ඉතිහාසයේ පළමු වරට මුදා ගැනුණේ බි්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වැනි සේනාංකය මගිනි. දර්මපුරම් ගම්මානය පිහිටා තිබුණේ පරන්තන්හි සිට කිලෝමීටර 12 පමණ දුරකිනි.

කොටින්ගේ විශාලම ඉන්ධන ගබඩාව හා ප්‍රභාකරන්ගේ භූගත කඳවුරක්ද පිහිටියේ මෙම ප්‍රදේශයේය. කිලෝමීටර් හතක් පමණ ප්‍රදේශයක් පුරා කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉදි කර තිබූ දර්මපුරම් හා විශ්වමඩු ප්‍රදේශයේ දරුණු සටන් ඇති වූ අතර එම ප්‍රදේශයන්හි සිරවී සිටි සිවිල් ජනතාව දුක්ඛිත ඉරණමකට මුහුණ පෑහ. කොටින්ගේ රුදුරු හස්තයේ ගොදුරු බවට පත්වී සිටි සිවිල් ජනතාව එදා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සොයාබැලීම සඳහා පසුගියදා අපි එම ප්‍රදේශවල සංචාරය කළෙමු. දර්මපුරම් හා විශ්වමඩු ගම්මානවල ජිවත් වූ ජනතාව තමන් කොටින්ගේ පාලනයට නතු වූ ආකාරයත්, ඔවුන්ගේ අණසක යටතේ ජීවත් වූ ආකාරය හා තමන් මුහුණ පෑ වධබන්ධන පිළිබඳවත්, අවසානයේ දිවි ගලවාගත් ආකාරය පිළිබඳවත් අපට බොහෝ තොරතුරු පැවසූහ. මේ ඔවුන්ගේ කතාවයි.

දර්මපුරම් ගම්මානය බිහිවූයේ 1958 ඇති වූ සිංහල දෙමළ කෝලාහලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 1958 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතිවාදී ලේ වැගිරීම නිදහසින් පසු ඇතිවූ ප්‍රථම ජනවාර්ගික අර්බුදය විය. දමිළ මෙන්ම සිංහල ජීවිත රැසක්ද අහිමි කෙරුණු එම අරගලය කොළඹ, යාපනය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකළපුව, එරාවුර් සහ කුරුණෑගල යන ප්‍රදේශවල විශාල වශයෙන් ව්‍යාප්ත වූයේය.  සිංහලයන් බහුතරයක් ජිවත්වූ ප්‍රදේශවල සිටි දෙමළ ජනයාගෙන් වැඩි පිරිසක් අවතැන් වූහ. කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සිටි අවතැන් පවුල් 620ක් පදිංචි කෙරුණේ දර්මපුරම්හිය. එතැන් සිට එය  ජනාවාසයක් බවට පත් විය. 

දර්මපුරම්හි පදිංචි කරවන ලද දෙමළ ජනයාගෙන් කොටසක් යාපනයේ දෙමළ වූ අතර අනෙක් පිරිස ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා වූහ. මොවුන් අතර ආරම්භයේ සිටම සීිතල යුද්ධයක් නිර්මාණය වෙමින් තිබිණි. තමන් කුලවත් දෙමළ ප්‍රජාවත් බවත්, ඉන්දියානු සම්භවයක් සහිත පිරිස පහත් ජන කොට්ඨාසයක් ලෙසත් සැලකීමට යාපනය දෙමළ ජනයා ක්‍රියා කළහ. ගොවිතැන්, වෙළෙඳාම් වැනි කර්මාන්තවල මෙන්ම රජයේ රැකියාවල නිරත වීමට ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට තහංචි පැනවිණි. ඔවුන්ට සිදු වූයේ යාපනය දෙමළ ජනයාගේ කුලීකරුවන් වශයෙන් සේවය කිරීමටය. එම ප්‍රදේශයේ සේවය කළ රජයේ නිලධාරින් වැඩි පිරිසක් යාපනයේ දෙමළ ප්‍රජාව වූ බැවින් ඔවුන්ද ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයාට දක්වනු ලැබුවේ කුඩම්මාගේ සැලකිල්ලකි.

ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට පාසල් යෑමේ අවස්ථාව හිමි වූයේද අවම වශයෙනි. පාසලට ගිය සුළු පිරිසටද පන්තියේ පසුපසට වී හෝ නැතිනම් බිම ඉඳගෙන හෝ අධ්‍යාපනය ලැබීමට සිදු විය. යාපනය දෙමළ ප්‍රජාව කීවේ ඔවුන් තමන්ට සේවය කරනු විනා අධ්‍යාපනය ලැබීම අනවශ්‍ය බවයි. යාපනය දෙමළ ජනයාගේ අණසක යටතේ ඔවුන්ගේ කුඹුරු ඉඩම් අස්වද්දමින් වෙළෙඳසල්වල බැලමෙහෙවර කරමින් දුක්ඛිත ජීවිතයක් ගෙවීමට ඔවුනට සිදු විය.

1988 වසරේ අගභාගයේදී නාඳුනන පුද්ගලයන් පිරිසක් තම ප්‍රදේශයේ සැරිසරනු දර්මපුරම් වැසියන්ට දැකගත හැකි විය. සරොම් කමිසවලින් සැරසුණු මෙම පුද්ගලයෝ සවස් යාමයන්හි ප්‍රදේශවාසීන් සමඟ කතාබහ කිරීමට උත්සාහ කළහ. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වූයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා කෙරෙහිය. යාපනයේ දෙමළ ජනයාගෙන් තමන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳව ඔවුහු ඔවුනට පැවසූහ. එහිදී ඔවුන් කීවේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් පිරිසක් බවයි. යාපනය ජනයාගෙන් තව දුරටත් ඔවුනට කිසිදු හිරිහැරයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, දෙමළ ජනතාවගේ පොදු සතුරා සිංහලයන් බවත් පැවසූ ඔවුහු ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා යාපනය සහ ඉන්දියානු දෙමළ දෙපිරිසම තමන් හා එක්විය යුතු යැයි කියා සිටියහ. “අප අතර ජාති භේද නැහැ. ඔබට හිරිහැර කරන්න යාපනයේ දෙමළ ජනයාට මින්පසු ඉඩ ලැබෙන්නේ නැහැ. අපේ එකම අරමුණ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ එය හිමිවන අතර ඒ සඳහා සියලු දෙමළ වැසියන් එක්වී සිංහලයන්ට විරුද්ධව සටන් කොට තම අයිතිවාසිකම් දිනාගත යුතුයි” යනුවෙන් ඔවුහු පැවසූහ.  

දර්මපුරම් හා අවට ගම්මානවල සියලු ජනයා එල්.ටී.ටී.ඊයට සහය දැක්වීමට ඉදිරිපත් වූහ. ඉන්දියානු දෙමළ දරුවන්ට භේදයකින් තොරව පාසල් යෑමට අවසර ලැබුණු අතර අවුරුදු 18ට අඩු කිසිදු දරුවකු රැකියා සඳහා යොදවා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අවසර නොලැබිණි. එල්.ටී.ටී.ඊ.ය කෙරෙහි ප්‍රසාදයට පත් වූ ජනතාව ඊළාම් දේශයක් පිළිබඳ සිහිනයක ගැලෙමින් තමන්ට තවදුරටත් රජයේ හමුදාව අවශ්‍ය නොවන බැව් පැවසීමට තරම් එඩිතර වූහ.

1991දී එම ප්‍රදේශවල වාසය කළ මුස්ලිම් ජනයා එළවා දැමීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කළේය. ඉන්පසු ඔවුන් හැරුණේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව වෙතටය. 1993දී ඔවුහු කිලිනොච්චි ප්‍රදේශයේ සිටි ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ඉන්දියාවට යා යුතුයැයි කීහ. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා එයට විරෝධය පාමින් කියා සිටියේ තම මුතුන්මිත්තන් ඉන්දියානුවන් වුවද තමන් උපත ලද්දේ ශ්‍රී ලංකාවේ බැවින් තමන්ට ඉන්දියාවේ කිසිදු ඥාතියකු නොමැති බවයි. මේ පිළිබඳව ප්‍රභාකරන්ට සැලවීමෙන් පසු එම තීරණය අවලංගු කෙරිණි. එම ප්‍රදේශයේ සිටි එල්.ටී.ටී.ඊ. නායකත්වය යළි යාපනයට කැඳවූ ප්‍රභාකරන් නව කණ්ඩායමක් කිලිනොච්චි, පරන්තන්, දර්මපුරම් හා විශ්වමඩු යන ප්‍රදේශවලට එවීමට කටයුතු කළේය. එම ප්‍රදේශවල ජීවත් සියලු ජනයා කැඳවූ එම කණ්ඩායම ඔවුන් සියලු දෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සේවය කළ යුතුයැයි පැවසීය. එතැන් සිට සියල්ලෝම එල්.ටි.ටී.ඊ. තුවක්කුවේ පාලනයට යටත් කෙරිණි.

ඉන්දියානු සාමසාධක හමුදාව හා එල්.ටී.ටී.ඊය අතර ගැටුම් උත්සන්න වන්නට විය. ඔවුන් හා සටන් කරනු සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස් බඳවා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය පියවර ගති. එල්.ටී.ටී.ඊ. සංවිධානය ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන මුවාවෙන් ජනතාව බිලිබා ගනිමින් සිටියහ.

ඉන්දියානු සාමසාධක හමුදාව පිටවී ගිය පසු එම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ.ය බලවත් වූයේය. කිලිනොච්චි, පරන්තන්, දර්මපුරම්, විශ්වමඩු වැනි ප්‍රදේශයන්හි ජනාතාවගේ එකම පාලකයා වූයේ එල්.ටී.ටී.ඊ.යයි.

ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර 2002දී සටන් විරාමයක් ඇති විය. යුද්ධය ඇනහිටීම හේතුවෙන් උතුරේ ජනයා සතුටට පත්වූහ. ඔවුනට නිදහසේ ගමන්බිමන් යෑමට අවස්ථාව සැලසුණු අතර ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උතුරට ලැබිණි. ඔවුනට දකුණට පැමිණීමටද යම් පමණක නිදහසක් හිමි විය. දකුණේ ජනතාව භුක්ති විඳින නිදහස උතුරේ වැසියන්ට පෙනිණි. තමන් එල්.ටී.ටී.ඊ.යේ ගොදුරු බවට පත්ව ඇති බවත්, අති දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේ පාලනය හේතුවෙන් බවත් ඔවුනට වැටහිණි.

කොළඹ බලා ගිය ඇතැම් පිරිස් තවදුරටත් එල්.ටී.ටී.ඊ.යේ පීඩනයට යටත් වී සිටින්නට අකමැති වූ හෙයින් විදේශගත වූහ. එවැනි අවස්ථා නොලද පිරිස් යළි ගම්බිම් බලා පැමිණියහ. එම නිදහස හමුවේ ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති වූ අතර, ජනතාව තමන් එතරම් ගණන් නොගන්නා බැව් එල්.ටී.ටී.ඊ.යට වැටහී ගියේය. නිදහසේ ගමන් බිමන් ගිය ජනතාව නවතාලීමට ඔවුනට අවශ්‍ය විය.

එහි ප්‍රතිඵලය වූයේ සටන් විරාමය අවසන් කරමින් කොටි සංවිධානය යළි සටනට එළැඹීමය. සටන් ඇවිළයාම හේතුවෙන් සිවිල් ජනයා කෙටි කලක් අත්විඳි නිදහස අහිමි වී ගියේය. නිදහසේ ගමන්බිමන් යෑමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.

දර්මපුරම්හි මුල් පදිංචිකරුවකු වන තුරෙයිරාජ් ක්‍රිෂ්ණසිංහම්, කොටි පාලන සමයේ තම  අත්දැකීම් අපට කීවේ මේ අයුරිනි.

“නැවත සටන් ආරම්භ වූ විට කොළඹට යන මිනිස්සුන්ට කොටි අවසර පත්‍රයක් ලබා දුන්නා. මුලින් නොමිලයේ ලබා දුන්නත් පසුව එයට රුපියල් 100ක් අය කළා. එහෙත් ඔවුන්ට මිනිස්සු ප්‍රදේශයෙන් පිටවෙන එක වළක්වන්න හැකි වුණේ නැහැ. උතුරේ ඉඳල දකුණට යන මිනිස්සු වවුනියාවට ගොස් ඕමන්තෙයි මුර පොළට වාර්තා කරන්න ඕනෑ. හමුදාවේ අවසරය ලැබුණ පසු අපිට කොළඹ යන්න අවසර ලැබුණා. මේ අවසරය ලබා ගැනීම සඳහා අපි වවුනියාවේ සති තුනක්, සමහර විට මාසයක් විතර ඉන්න ඕනෑ. අවසරය ලැබෙන තෙක් අපි වවුනියාවේ ලොජ්වල නැවතිලා හිටියා. පස්සෙ කොටි අවසරපත්‍ර ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ දැම්මා. ඒත් තරුණයන් වැඩි පිරිසක් රටින් පිටවුණා. මෙය කොටි සංවිධානයට හිසරදයක් වුණා. තරුණයන් වැඩි වශයෙන් රටින් බැහැර වුණොත් තමන්ට ඉතිරි වන්නේ වැඩිහිටියන් පමණයි කියලා කොටි හිතුවා. ඒකට කොටි අලුත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. කිසිවකු උතුරෙන් පිටවී යනවා නම් ඔහු වෙනුවෙන් කොළඹ සිටින කෙනෙක් අනුග්‍රහය දැක්වීම අනිවාර්ය කළා. එහෙම අනුග්‍රහය දක්වන පුද්ගලයා කොළඹ සිට වවුනියාවට පැමිණ තමන්ට රැගෙන යාමට අවශ්‍ය පුද්ගලයා පිළිබඳ සියලු වගකීම් තමන් බාර ගන්නා බවට ලිපියක් හමුදාවට ලබා දිය යුතු වුණා. එවිට හමුදාව එය කොටි සංවිධානයට බාර දෙනවා. ඉන්පසුවයි ඔහුට කොළඹට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ යන්නට අවසර ලැබුණේ. 2006 දී මේ සියලු කටයුතු ඇනහිටියා.”

ජනතාව යළි උතුරට සිරවිය. පිරිසක් ගොවිතැනින්ද, පිරිසක් ධීවර කර්මාන්තයෙන්ද තවත් පිරිසක් කුලී වැඩ වැනි රැකියාවල නිරත වෙමින්ද දුකසේ ජිවත් වූහ. උතුරට වෙනත් ප්‍රදේශවල සිට වෙළෙඳුන් නොපැමිණි හෙයින් ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. නිෂ්පාදකයන්ගෙන් කුණුකොල්ලයට භාණ්ඩ මිලදී ගත් එල්.ටී.ටී.ඊ.ය තුන් ගුණයක් පමණ ලාබ තබා ගනිමින් ඒවා ජනතාවට අලෙවි කළහ. උතුරට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරිවලින් බදු අය කෙරිණි. එහෙයින් උතුරේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගියේය. සමුපකාරවලට රැගෙන එන ලද භාණ්ඩවලින් වැඩි කොටස එල්.ටී.ටී.ඊ.ය විසින් උදුරා ගන්නා ලද අතර සාමාන්‍ය ජනතාවට ලැබුණේ සුළු ප්‍රමාණයකි. එක් පුද්ගලයකුට මසකට භුමිතෙල් ලීටර 5ක් රජය විසින් ලබා දෙනු ලැබුවද එල්.ටී.ටී.ඊය ජනයාට බෙදා හැරියේ ලීටර් 2ක් පමණි. ඉතිරිය ඔවුන් විසින් ලබා ගැනිණි. ඒ සමයේ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 300ක් විය. ප්‍රදේශයේ සියලු වාහන ධාවනය කෙරුණේ භූමිතෙලින් හෝ එළවළු තෙලිනි. පෙට්‍රල් දුර්ලභ ද්‍රව්‍යයක් විය. මැෂින් තෙල් කුප්පියක දැමූ පෙට්‍රල් ස්වල්පයක මිල රුපියල් 1000ක් විය. පෙට්‍රල් බිඳුවක් යොදා වාහන පණ ගැන්වූ ඔවුහු භූමිතෙලින් හෝ එළවළු තෙලින් ඒවා ධාවනය කළහ. භූමිතෙල් හිඟ වු බැවින් වාහනයක ගමනක් යෑම සඳහා අධික මිලක් ගෙවීමට ඔවුනට සිදුවිය.

අවසන් සටන ආරම්භ වීමත් සමඟ තත්ත්වය බැරෑරුම් විය. කොටි සියලුම සිවිල් වැසියන්ට සටන් පුහුණුවක් ලබා දීමට කටයුතු කළහ. බාල තරුණ මහලු සියල්ලන් සටන් පුහුණුව සඳහා සහභාගී විය යුතු වූ අතර, එය පැහැර හැරීමට කිසිවකුට අවසර නොවීය.

තනබාලසිංහම් තනකුලසිංහම්, පරන්තන්හි වැසියෙකි. වෘත්තියෙන් ටේලර්වරයකු වූ ඔහු 1993දී උඩවනුර් ගම්මානයේ පදිංචියට පැමිණියේය. ඔහු තම අත්දැකීම් මෙලෙස කියා සිටියේය. 

“කොටි අපිව අරන් ගිහින් සටන් පුහුණු කළා. ඔවුන් කීවේ එය අපේ ආරක්ෂාව සඳහා කරන බවයි. සටන් පුහුණුව කිව්වට අපිට අවි ආයුධ දුන්නේ නැහැ. ලොකු පොලු කෑල්ලක් දීල ඒක තමයි ආයුධය වගේ පාවිච්චි කරන්න කිව්වෙ. තරුණ අයට නම් අවි පුහුණුවක් දුන්නා.”

හමුදාව තම මෙහෙයුම් නොනවත්වා කරමින් ඉදිරියට ඇදෙද්දී පරන්තන්, දර්මපුරම්, විශ්වමඩු, වැනි ප්‍රදේශවල ජනයා ඇමතූ කොටි සාමාජිකයෝ “හමුදාව වයසක අය වෙනමත් තරුණ අය වෙනමත් තෝරලා එක එක දිහාවලට අරන් යනවා. ඒ අයට මොනව කරනවද කියලා කවුරුවත් දන්නෙ නැහැ. උඹලා හමුදාවට හසු නොවී අපිත් එක්ක වරෙල්ලා” යනුවෙන් පැවසූහ.

“එහෙම කියලා මිනිස්සුන්ව අතහැරලා ඉස්සෙල්ලම පැනලා ගියේ කොටි. හමුදාව එක ප්‍රදේශයකට එනකොට කොටි වෙනත් ප්‍රදේශයකට පලා ගියා. ඔවුන් සාමාන්‍ය ජනයා ඔවුන්ගේ බංකර් කපන්න යොදා ගත්තා.” යනුවෙන් පැවසූ ක්‍රිෂ්ණසිංහම්, “ඔවුන් තරුණ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන ගියා හමුදාව එක්ක සටන් කරන්න. මගේ දුවත් පැහැරගෙන ගියා. එතකොට එයාගෙ වයස අවුරුදු 18යි. එහෙම අල්ලගෙන ගිහින් දවස් පහකට පස්සෙ දුව කොහොම හරි පැනලා ආවා. කොටින්ට දුව අල්ලගන්න ලැබුණෙ නැති නිසා මාව අත්අඩංගුවට අරගත්තා. මාවත් බංකර් කපන්න දැම්මා. මාව ඉස්සෙල්ලම අරන් ගියේ මනල්ආරු ප්‍රදේශයට. එහි බංකර් කැපුවා. ඊට පස්සෙ කිලිනොච්චියට අරන් ගියා. මම ඒ කාලෙ කොටින්ට සහය දැක්වූ කෙනෙක්. ඒත් උන්ට ඒව වැඩක් නැහැ. උන් කියන දේ නොකොළොත් වෙඩි තියල මරලා දැම්මා. බංකර් කපන කොට උන් හැම තිස්සෙම අපි දිහාවට තුවක්කු එල්ල කරගෙනයි හිටියේ. හමුදාව උන්ගෙ බංකර් අල්ලා ගන්නා විට පසුබසිමින් අලුතින් බංකර් කැපීමට අපට අණ කළා.

මිනිස්සු සිය ගණනක් එක තැනක බංකර් කපන්න දැම්මා. අපිට නිදාගන්න සිදු වුණෙත් බංකරයක් ඇතුළේ. සියලු දෙනාම කුඩා බංකරකට දාන නිසා අපිට හෙළවෙන්නවත් ඉඩක් තිබුණෙ නැහැ. නිදාගත්ත විදියටම එළිය වැටෙනකං ඉන්න සිදු වුණා. අනෙක් පැත්තට හැරෙන්නවත් බැහැ. නින්දට ගියාට පස්සෙ කවුරුහරි බංකරෙන් ඔළුව උස්සලා අවට බැලුවොත් වෙඩි තිබ්බා. අපට කන්න දුන්නේ කොටි කාල ඉතිරි වෙච්ච හොද්දට වතුර ගොඩක් දාලා ඒකත් එක්ක රොටියක් හරි තෝසයක් හරි වගේ දෙයක් විතරයි. අපි හැමදාම නිදහස් වෙන්නෙ කොහොමද කිය කිය ඇඬුවා. ඒ නිසා කෑම ගැන අපිට හැඟීමක් තිබුණෙ නැහැ.” 

කොටින්ගේ අතවර තවදුරටත් විඳින්ට නොහැකි වූ ක්‍රිෂ්ණසිංහම් තවත් පුද්ගලයකු සමඟ බංකරයෙන් පලා ගියේය. එහෙත් ඔවුනට වැඩි දුර පලා යෑමට නොහැකි විය. ඔවුන් දෙදෙනා යළි කොටි අත්අඩංගුවට පත්වූහ. ඔවුන් හසු වූයේ වෙනත් කොටි කණ්ඩායමකට බැවින් ඔවුන් පලා ගිය පුද්ගලයන් බව නොදත් හෙයින් පලා ගිය පුද්ගලයන්ට ලැබෙන දඬුවමින් ඔහුට ගැලවිය හැකි විය. ඔහු යළිත් බංකර් කැපීමට යෙදවිණි. වැලිඔය, මුලංගාවිල්, කිලිනොච්චි වැනි විවිධ ප්‍රදේශවල ඔහු කොටින් සඳහා බංකර් කැපුවේය.

මේ මා ඉරිදා ලංකාදීපයට ලියන ලද ලිපියකි.

ඉතිරි කොටස තවත් පෝස්ටුවකින්

- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

(උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.