අධිභාරයට කලින්දා LC ඇරිය ප්‍රකෝටිපති තිදෙනාම ජනාධිපතිගේ ගජ මිතුරෝ.. - මුජිබර් රහුමාන් නම් ගම් ඇතිවම හෙලිකරයි
මැයි මස 16 වෙනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දින එනම් 15 වෙනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන 'Rebuilding Sri Lanka' වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය.
බද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් වාහන 4000ක් සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත් කර ඇති බවත්, මෙය සංවිධානාත්මක අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලය පුරාම ගජමිතුරු ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළද, ඔහු බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු කිරීම බව රහුමාන් මහතා පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවල ලබා දුන් පොරොන්දු පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරිණි. විශේෂයෙන්ම ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ රටේ ඩොලර් අර්බුදයක් ආවොත් ලෝකය පුරා සිටින පක්ෂ යාන්ත්‍රණය හරහා සාමාජිකයින් ඩොලර් එවන බවයි.
එසේම සුනිල් හඳුන්නෙත්ති මහතාට ලැබුණු බව කියන ඩොලර් මිලියනයක දුරකථන ඇමතුම පිළිබඳවද මතක් කළ මන්ත්‍රීවරයා, එම ඩොලර් දැන් කොහේදැයි ප්‍රශ්න කළේය.
වර්තමානයේ ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය ත්‍රීවීල් ටැක්සි මීටරයක් මෙන් ඉහළ යන බවත්, එක් සතියක් තුළ රුපියල් 120කින් පමණ ඩොලරයේ අගය වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
355ට තිබූ ඩොලරය 385 දක්වා ඉහළ යන තත්ත්වයක් පවතින බවත්, මහ බැංකුව ඩොලර් නිකුත් නොකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කොන්දේසි නිසා බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි