12.000 හමුදාව කොටි 3000 බයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ..
අද මම දැක්කා tv එකේ සරත් ෆොන්සේකා කියනවා " ගුටිකලා දුවන හමුදාවක් තමයි මම නැවත පුරුදු පුහුනු කරලා අරන් යුද්දේ ජයගත්තේ. අලිමංකඩ 12,000 හමුදාව හිටපු කදවුරක් ත්‍රස්තවාදී 3000 වටකරන් ගහන කොට දාලා දිව්වා".... කියලා.
මම කිසිම ආයුධයක් වැඩිපුර ගත්තේ නැහැ තිබුන ආයුධ වලින් තමයි සටන් කරේ පතුරම් තමයි වැඩිපුර ගත්තේ.....
ඒ කතාවේ සමහරක් තැන් ඇත්ත ..
අවසන් සටනේදී කොටි කොන්ක්‍රිට් බංකර් කඩන්න චීනයේ නිෂ්පාදිත red arrow කුඩා ප්‍රමානයේ මිසයිල හමුදාවට ගෙනත් දුන්නා ගෝඨා...
අලිමංකඩට ගහන්න කලින් කොටි ගැහුවේ අයියකච්චි වලට අලිමංකඩ කදවුරට වතුර සපයන ළිං අල්ල ගන්න ...ඒ දවස් වල තමයි චන්ද්‍රිකා අලිමංකඩ බේර ගන්න මේජර් ගෙනරාල් සරත් ෆොන්සේකව යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ඒකාබද්ද අණදෙන ආඥාපති ලෙස ජානක පෙරේරව යාපනයට යැව්වේ...
12.000 හමුදාව කොටි 3000 භයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ ..එයා තමයි අලිමංකඩ අතහැරලා පලෙයි දක්වා පසුබසින සැලසුම හැදුවේ....
කොටි නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය බිද වැටෙන කොට 40.000 දාහක හමුදාවට යාපනයෙන් පසු බැසීමේ නියෝගයට අත්සන් යොදලා පසු බසින්න නියෝග කරේ ....
ගුටිකාලා දුවපු හමුදාවක් හිටියේ කොටි තුන් හාරදාහකට භයේ කියලා කියන්න සරත් ෆොන්සේකට සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද කොටි තුන් දහසකට භයේ පසු බසින 40,000 හමුදාවකට අණ දුන්නේ සරත් ෆොන්සේකා සහ ජානක පෙරෙරා .
අපේ කතානායකයා එවකට බ්‍රිගේඩියර් 55 සේනාංකාදිපතිගෙ සේනාව කොටි නොනවතින රැල්ල එලුදුමඩ්ඩුවාල් වලින් එන්න දෙන්නෙ නැතිව දරැනු සටනක නිරත වෙලා හිටියා අනිත් සේනාංක තරගෙට පසුබසිද්දිත්...
ඒ වෙනකොට සීවලී 53 සේනාකයටත් නායකත්වය දෙමින් සටන් කරමින් හිටියේ...මේජර් ජෙනරාල් ජානක පෙරේර සීවලිට කෝල් කරලා අහනව එලුදුමඩ්ඩුවාල් අල්ලන් ඉන්න පුලුවන්ද කියලා ...
" ඔව් සර් පුලුවන් අපි දිගටම අල්ලන් ඉන්නව අත හරින්නේ නැහැ...සීවලී කියනවා..
" සිවලි හමුදාවට withdraw වෙන්න කියලා නියොග කරලා තියෙද්දි අපේ සෙබලු ටෙරාලට අහුවුනොත් ඒකට ඔයා වග කියන්න ඕනේ හරිද...ජානක පෙරෙරා එහෙම තර්ජනය කරනවා සීවලිට...
" සර් මට කලිසමක් ඇදන් නැව් නැගලා කොළඹ යන්න බැහැ..අවශ්‍ය උනොත් මගේ රාජකාරි පිස්තොලේ ඉනේ තියෙනවා ඔලුවට වෙඩිතියා ගන්න ..මම සටන් කරනවා මම නිහඩ උනොත් සර්ට කැමති තීරනයක් ගන්න...
සීවලි එහෙම කියලා සංවාදේ නතර කරලා සටනට අණ දෙනවා..
ඊට පස්සෙ අනුරුද්ද රත්වතේ යාපනේ ඇවිත් සරත් ,ජානක එක්ක දුරකතනෙන් පසු බැසීම ගැන සාකච්ඡා කරනවා ..
එම සාකච්චාව මැදට කඩා පනින සිවලි " මේක සාකච්චා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි වහාම සරසාලෙයි defense එක බේරගන්න මොනවා හරි කරන්න කියලා තමන්ගෙ ඉහල නිළධාරින්‍ට බැන වදිනවා....
සරතුයි ජානකයි එකතු වෙලා සරසාලේ සටන් පෙරමුනේ අණ දෙන්නන්ට කෑගහලා කොහොම හරි defense එක කඩන්න නොදී එව්ලේ රැක ගන්නවා ..
ඉන් පසුව සරත් ෆොන්සේකා සීවලිගෙන් අහනවා අහවල් මේජර් ජෙනරාල් වරයා අණ දෙන 52 සේනාකයත් සීවලී යටතට අරන් සරසාලේ දිගටම රැකගන්න පුලුවන්ද කියලා සීවලි දෙපාරක් නොහිතම එම සේනාංකයටත් අණ දෙනවා දැරැණු සටනකට...
ඒ සමගම වලිකාමම් වල ඉන්න සේනංකයට දැරැණු ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදී එය රැක සිටින සේනාකයට බරපතල හානි කරල ආරක්ෂක වලල්ල බිදින්න ආසන්න වෙනකොට සරත් ෆොන්සේකා සීවලිට කියනවා වලිකාමම් වැටෙන්න ළගයි එහෙම උනොත් උන් පලාලී වෙනකන්ම එන එක නතර කරන්න බැහැ ..වහාම ක්‍රියාත්මක වෙන බ්‍රිගේඩියර් සිවලි වනිගසේකර කර්නල් ජගත් ඩයස් සමග සේනාකයක් සටනට යවලා වලිකාමම් රැකගන්නවා...
මම දන්න විදිහට හමුදා ඉතිහාසයේ බ්‍රිගේඩියර් වරයෙක් සේනාංක තුනකට එකවර අණ දුන්න අවස්තාව හැටියට සහ පසුබසින හමුදාවක එම සේනාංක තුනම ඉතාම බිහිසුනු දරැණු සටනකින් පසු ජයගත් බවයි...
එඩිතරව සටන්කොට මව්බිමට තම යුතුකම අකුරටම ඉටු කොට මේජර් ජෙනරාල් වරයකු ලෙස නිහඩව හමුදාවෙන් විශ්‍රාම ලැබිය ....
අවම ඔහුගෙ චායාරූපයක් අන්තර්ජාලයේ හො කිසිදු තැනක නැත....
අපි වෙනුවෙන් ඔවුන්ගේ දිවියම අනතුරේ හෙලා ගත් වීරෝධාර රණවිරුවන්ටජාතියේ උත්තමාචාරය හිමි වේවා මතු නිවනින් සැනසේවා!
(සමාජ මාධ්‍යයෙන් උපුටාගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්