News Category
From Date
To Date
Maximum Number of Result

විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය හමුවේ ලාංකේය වෛද්‍ය අධ්‍යාපනය..

May 20, 2026 at 09:21 AM
|

මේ දිනවල ERPM කියනෙක වෛද්‍ය ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක්. ඒකටම ගැලපෙන විදිහට අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා බෙලරුස් ගිහින්. මේක හොඳම අවස්ථාවක් ERPM හා බැඳුණු විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය පැහැදිලි කරගන්න.

ERPM හෙවත් Act 16 ආරම්භ වෙන්නෙ 1965දි. මේකෙ අරමුණ රටට අවශ්‍ය වෛද්‍යවරු සපයා ගැනීම වගේම සුදුසුකම් ලත් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් රටට අවශෝෂණය කරගැනීම. ඔය අරමුණු මත ERPM ක්‍රියාත්මක වුණේ දශක කීපෙකට කලින්. දැන් තියෙන්නෙ වෙනස් තත්ත්වයක්.

ලෝකෙ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ විවිධ අධ්‍යාපන මොඩල කාලෙන් කාලෙට නිර්මාණය වෙනවා එක එක අවශ්‍යතා මත. සෝවියට් සමූහාණ්ඩුව පවතිද්දි ඊට අයිති බොහෝ රටවල සෝවියට් රජයේ ඍජු ප්‍රතිපාදන මත වෛද්‍ය විද්‍යාල ආරම්භ වුණා. මේව ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුක්ත ලෝක පිළිගැනීමක් සහිත ඒවා. සෝවියට් රජයෙන් මේවයේ අධ්‍යාපනය ලබන්න විදෙස් ශිෂ්‍යන්ට පවා ශිෂ්‍යත්ව ලබා දුන්නා. මෙහෙම තියෙද්දි තමා සීතල යුද්ධය අවසන් වෙද්දි 1990දි සෝවියට් දේශය බිඳවැටෙන්නෙ. සමූහාණ්ඩු බිඳ වැටීම එක්ක ඒ ඒ රටවල් සෝවියට් දේශයෙන් වෙන් වෙනවා. ඒකෙන් අර්බුදයකට පත්වෙන්නෙ එතෙක් පැවති වෛද්‍ය විද්‍යාල. අරමුදල් සහ ප්‍රතිපාදන සපයපු සමූහාණ්ඩුව දැන් නැහැ. මේකට පිළියම් හොයන්න බෙලරුස්, ජෝජියා වගේ රටවල වෛද්‍ය විද්‍යාල අලුත් අධ්‍යාපන මොඩලයක් සකස් කළා. ඔවුන්ගෙ ඉලක්කය විදේශීය රටවල් වලින් එන වෛද්‍ය උපාධි අපේක්ෂකයො. 

එතෙක් පැවති රුසියානු භාෂාවෙන් ඉගැන්වු වෛද්‍ය අධ්‍යාපනය වෙනුවට ඔවුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය නිර්දේශ හැදුවා. ඊට අවශ්‍ය ගුරුවරු පුහුණු කළා. සායනික පුහුණුවට ගැලපෙන රෝහල් හැදුවා. මේ සියල්ල කළේ දේශීය වෛද්‍ය අධ්‍යාපනය ක්‍රමයට පරිබාහිරව. ඔවුන් විදේශීය වෛද්‍ය උපාධි අපේක්ෂයන්ට උපාධි පිරිනමන ව්‍යාපාරයක් ආරම්භ කළා.

වැඩේ සරලයි, ආසියානු සහ අප්‍රිකානු රටවල්වලින් ශිෂ්‍යයො එනව. ඔවුන්ගෙන් මුදල් අය කරල ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනය දෙනවා, උපාධිය දෙනවා. නැවත මව් රටට පිටත් කරනවා. මේ මොඩලය දේශීය වෛද්‍ය ශිෂ්‍යන්ට කිසිසේත්ම බලපෑමක් නැහැ. සීමාවාසික පුහුණුව හෝ රැකියා සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ. මේක බොහොම සාර්ථක ක්‍රමයක් වුණා. එ නිසා එතනින් පස්සෙ පශ්චාත් සෝවියව් රටවල විතරක් නෙමෙයි, චීනය වගේ රටවල පවා මේ ක්‍රමය ක්‍රියාත්මක කළා. ඕක දියුණු වෙලා තමා Grodno වගේ බෙලරුස්වල රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලවල Faculty of International Students වගේ පීඨ පවා හැදෙන්නෙ.

ඔන්න ඔය වෛද්‍ය අධ්‍යාපන මොඩලය තමා ලංකාවෙත් වර්තමානයේ ක්‍රියාත්මක වෙන විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරයේ පදනම. ඒ හැර ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය අධ්‍යාපනය ලබන්නෙ ඉතා අතලොස්සක්. කවුරුහරි හිතනවනම් ඔක්ස්ෆර්ඩ්, හාවඩ් වගේ වෛද්‍ය විද්‍යාල වලට ගිහින් සුපිරි දැනුමක් අරං මෙහෙ රස්සා කරන්න එන වෛද්‍ය උපාධිධාරීන්ට තමා ERPM තියෙන්නෙ කියල ඒව මනඃකල්පිත තත්ත්ව.

බැලූබැල්මට මේක හරි ෂෝක් වගේ පෙනුනට ව්‍යාපාර නියාමනය කරද්දි තමා ඒකෙ තරම පේන්නෙ. දැන් මේ ක්‍රමේට උපාධි දෙන වෛද්‍ය විද්‍යාල බැලුවොත් ඒවයේ දේශීය අධ්‍යාපන තත්ත්ව එක්ක බොහෝවිට ලංකාවෙ වෛද්‍ය පීඨවලට වඩා ඉහළ Ranking තියෙන එව්වා. අපේ ශිෂ්‍යයො මෙව්වට යන්න නම් වෛද්‍ය ආඥාපනත අනුව ඉස්සෙල්ලා වෛද්‍ය සභාව මේ උපාධි වලට අනුමැතිය දෙන්න ඕනෙ. ඕක දෙන්නෙ නිශ්චිත කාල සීමාවකට. ඒ කාල සීමාව කල් ඉකුත් වෙන්න කලින් ඒ අනුමැතිය අලුත් කරන්න ඕනෙ. මොනවහරි ගැටලුවක් උනොත් ඒ ඒ වෛද්‍ය විද්‍යාල වලට දීල තියෙන අනුමැතිය අවලංගු කරන්නත් පුළුවන්.

හැබැයි ඕව කියන තරම් පහසු නෑ කරන්න ගිහාම. මොකද මේව පැහැදිලි ව්‍යාපාර. අනුමැතිය අවලංගු උනොත් නැති වෙන්නෙ ඒ රටේ ආදායම. ඒ නිසා ඒ රටවල් පවා මේව ගැන හරියට උනන්දුයි. සරල උදාහරණෙ 2020 සැප්තැම්බර් මාසෙදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුසියානු වෛද්‍ය විද්‍යාල තුනක අනුමැතිය ඉවත් කරනවා. https://www.newsfirst.lk/.../sri-lanka-medical-council...

ඒ එක්කම රුසියානු තානාපති කාර්යාලය මේක ගැන ප්‍රශ්න කරනවා ඍජුව වෛද්‍ය සභාවෙන්. https://www.adaderana.lk/news.php?nid=67148

ටික දවසකින් වෛද්‍ය සභාව කියනවා අනුමැතිය ඉවත් කිරීම අත්වැරැද්දක් කියලා, අනුමැතිය ලබාදීම නැවත සලකා බලනව කියල. https://www.newsfirst.lk/.../delisting-russian...

විදේශීය වෛද්‍ය උපාධි ව්‍යාපාරය රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් පවා ඇති කරන්න පුළුවන් එකක්. 

මීට අමතරව ගත්තොත් වෛද්‍ය සභාවෙ නියාමනය සම්බන්ධයෙන් අර්බුද ගොඩනැගුණ අවස්ථා ඕනෙ තරම් තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව වැඩිම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීල තියෙන්නෙ ERPM ශිෂ්‍යන් නිසා. ඒ නියාමනය සහ නීතිය අතර තියෙන ගැටුම් නිසා. සරල උදාහරණයක් ගම්මු.

කොවිඩ් වසංගතය කාලෙ චීනෙ හිටපු ලාංකේය වෛද්‍ය් ශිෂ්‍යයො ප්‍රමාණයක් නැවත ලංකාවට ගෙනාවා. පස්සෙ ඔවුන් නැවත චීනයට ගිහින් උපාධිත් අරං ආවා. වෛද්‍ය සභාවෙ සාමාන්‍ය ක්‍රමවෙදය තමා ERPM ලියන්න කලින් මේ උපාධිධාරීන්ගේ උපාධි සහතික හා ගමන් බලපත්‍ර පරීක්ෂා කෙරෙනවා. මේව සලකන්නෙ Pre-entry Qualifications විදිහට. මේවා ප්‍රමිතිය පරීක්ෂා කරන්න වෛද්‍ය සභාවම හදපු නීති. මේකෙදි සභාව දැනගන්නවා මේ සිසුන් කිහිපදෙනෙක් චීනයෙදි සායනික පුහුණුව ලබන්න නියමිත කාලෙදි ඉඳල තියෙන්නෙ ලංකාවෙ බව. සායනික පුහුණුව ඔන්ලයින් දුන්න කියල තමා කියන්නෙ. මේ නිසා වෛද්‍ය සභාව ඔවුන්ට ERPM සඳහා ඉඳගන්න දෙන්නැහැ. ඒ ශිෂ්‍යයො ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා වෛද්‍ය සභාවට එරෙහිව. අධිකරණය බලන්නෙ වෛද්‍ය ආඥාපනත. පනත අනුව උපාධියක් තියෙනව නම්, උපාධිය අරං තියෙන්නෙ අනුමත වෛද්‍ය විද්‍යාලයකින් නම් ERPM ලියන්න දෙන්න ඕනෙ. අවස්ථා ගණනාවකදිම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා වෛද්‍ය සභාවට pre entry qualifications දාන්න අයිතියක් නැහැ කියල (උදා : SC FR 133/2019, 149/2019) , සායනික පුහුණුව මදිනම් ලංකාවෙදි හරි මදි පුහුණුව දෙන්න කියනවා. අන්තිමේදි ඒ ශිෂ්‍යයො ERPM ලිව්වා.😅

ඔතනදිත් ඔන්ලයින් සායනික පුහුණුව දීපු වෛද්‍ය විද්‍යාලෙට අනතුරු ඇඟවීමක් මිසක් අනුමැතිය අහෝසි කරනව වගේ දෙයක් උනේ නෑ. 😁

මේ ව්‍යාපාරෙට බැඳුණු ඊළඟ පිරිස තමා දේශීය නියෝජිත ආයතන. එයාල කරන්නෙ ඒ ඒ වෛද්‍ය විද්‍යාල වලට ශිෂ්‍යයො පටවන එක. රටේ ළමයින්ටයි දෙමව්පියන්ටයි මෙඩිසින් කරන ආසාවෙ අඩුවක් නැති නිසා උන්දැලාගේ කල්ල මරේ. උසස්පෙළ ප්‍රතිඵල එන කාලෙට ඇඩ්දාල, ප්‍රීමෙඩ්සින් කෝස් එකක් කරවල, White coat ceramony වගේ නාඩගමක් තියල තමා චීනෙට, රුසියාවට, බෙලරුස්වලට ළමයි පටවන්නෙ. 

මේ ව්‍යාපාරෙන් නඩත්තුවෙන අනිත් පිරිස තමා ERPM විභාගයම අරමුණු කරගත් ටියුෂන් මාෆියාව. මේකෙ ඉන්නෙ අපේ වෛද්‍යවරුමයි. විශාල mass classes වල ඉඳල සල්ලි වලට ලෙඩ්ඩු ගෙන්නන clinical classes පවා තියෙනවා. කොච්චර ලෝක පූජිත වෛද්‍ය විද්‍යාලෙකින් උපාධි අරං ආවත් ERPM ශිෂ්‍යයො ටියුෂන් නම් නොයා ඉන්නෑ. ඒ නිසා එයාලගෙත් කල්ල මරේ.

මේව නැවතුණොත් කීදෙනෙකුට ආදායම් නැතිවෙන්න පුළුවන්ද? 

මීට අමතරව ඉන්නෙ ඉතින් තම තමන්ගෙ දරුවො විදෙස් රටවල ඉගෙනගන්න වෛද්‍යවරුයි, ආචාර්යවරුයි. එයාලටත් මේ ව්‍යාපාරෙ හරි වටිනවා.

ඔන්න ඕකයි අපි කියන්නෙ විදේශීය වෛද්‍ය උපාධි කියන්නෙම ව්‍යාපාරික ජාලයක්. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉඳන් පන්ති කරන වෛද්‍යවරු වෙනකන් ලොකු පිරිසක් මේක මත යැපෙනවා.  ERPM සමත්වෙන ප්‍රතිශතය ඒ ව්‍යාපාරයෙ පැවැත්මට ඉතා වැදගත්. 

ඒකෙන් රටේ වෛද්‍ය අධ්‍යාපනයට කෙලවෙන එක, ලක්ෂ හැට ගාණෙ බදු මුදල් වියදම් කරල හදන දේශීය මෙඩ්ඩන්ට යන එන මං නැතිවෙන එක ඔය කාටවත් අදාළ නැහැ.

ඉතින් ඔය අතරෙ තමා විජිත හේරත් අමාත්‍යතුමා බෙලරුස් ගියෙ. එතුමා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්මුතීන් වගේකටත් එකඟ උනාලු. ඒ අල්ලපනල්ලෙ තමා එහෙ වෛද්‍ය විද්‍යාලට වලට ලංකාවෙ ශිෂ්‍යයො පටවන නියෝජිත ආයතනකින් එතුම ගිය සාදෙකට අනුග්‍රහය දක්වල තියෙන්නෙ. ඕව මේ අහඹු දේවල්. 

ආණ්ඩුවෙ ඇමතිවරු ව්‍යාපාරිකයන්ගෙ ඔඩොක්කු වල නැලවෙද්දි රටේ වෛද්‍ය අධ්‍යාපනය ඉදිරි වසර කිහිපය තුළ ලොකු Graduate Boom එකකින් පුපුරා යන්න නියමිතයි.

(Rashmika Chamod Ranasinghe ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී) 

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.