News Category
From Date
To Date
Maximum Number of Result

ඇමතිලා කියනවනම් අපි වීදි සටන්වලට ලෑස්තියි.. හැප්පිලා බලමු.. - ගොවි සංවිධාන කියයි..

May 20, 2026 at 04:52 AM
|

සාමූහිකව විසඳගන්න පුළුවන් ගොවි ප්‍රශ්න සාමූහිකව විසඳ ගන්නේ නැතුව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇමතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාවෙන් එන්න කියන්නේ වීදි සටන් වලට නම් මුළු රටේම ඉන්න ගොවියෝ එකතු කරන් වීදි සටන් කර හෝ ගොවියාගේ ප්‍රශ්න විසඳීමට තමන් ලෑස්ති බවත් හැප්පිලා බලන්න ලාල්කාන්ත ඇමතිවරයාට අභියෝගාත්මක ආරාධනාවක් සිදු කරන බවත් නුවරඑළිය ගොවි සන්විධානයේ සභාපති තරිඳු රත්නායක පවසයි.

ඔහු මේ වේවා කියා සිටියේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට අස්වැන්න විකිණීමට සිදුවී ඇති කාල වකවානුවක ගොවියාට අත්වී ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් (19) නුවරඑළියෙදී පවත්වමිනි.

මාධ්‍ය හමුවේදී වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළියෙකු විසංවිධානයේ සභාපති තරිඳු රත්නායක ,

"ගොවියාට මූන පාන්නට සිදුවී ඇති බරපතල ගැටලු රැසකට පිළියම් ලබා ගැනීම සඳහා කිහිප වතාවක්ම රජයෙන් සාකච්ඡා ඉල්ලුවත් සැබෑ ගොවියාට සාකච්ඡාවක් නොදී ජාතික ජන බලවේගයේ ශාඛා සමිති නියෝජිතයින් ගෙන්වා ඔවුන් එක්ක සාකච්ඡා කර ගොවියා වෙනුවෙන් ගන්න තීන්දු තීරණ අරගෙන ඒ තීන් තීරණවලට ගොවියාට එකඟ වන්න කියලා ලාල්කාන්ත ඇමතිවරයා හා නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රධාන කෘෂිකර්ම ලොක්කත් අපට බලපෑම් කරනවා නම් අපි සැබෑ ගොවියෝ හැටියට ඒ තීන්දු තීරණ බාරගන්න ලෑස්ති නෑ.

එහෙම ගත්තු තීරණයක් තමයි ගොවියන්ගෙන් අල රුපියල් 210කට මිලදී ගැනීම තීරණය.

එක් අල කිලෝවක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 130ක් සිට රුපියල් 150ක් දක්වා මුදලක් වියදම්වෙනවා.

නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා කියන විදිහට රුපියල් 220 ට අල දුන්නනම් අපිට කිලෝ එකකින් රුපියල් දහයක පාඩුවක් සිද්ධ වෙනවා.

එහෙම දෙන එකත් අපට උපරිම දෙන්න පුළුවන් වෙන්නේ කිලෝ දාහක සීමාවක් වෙනකල් විතරයි.

දැනට අවුරුදු දහයකට කලින් පෝරමිඩයක් රුපියල් 1500යි අද හුණ්ඩරයක මිල රුපියල් 10,000 යි 14,000යි අතර තිබෙද්දිත් අපි අල විකුනලා තියෙනවා රුපියල් 300ත් 400ත් අතර මිලකට.

අද වෙද්දී පොහොරමිටියත් රුපියල් 19,000යි අල හොණ්ඩරයක් රුපියල් 39,000 යි ඒ තරමට නිෂ්පාදන මිල ඉහළ ගිහින් අපි අලු රුපියල් 220ට ගන්නවා කියන්නේ ගොවියන්ට අත්වන ඉරණම මොකක්ද ?

ඒත් එක්කම අපි දැක්කා නාමල් කරුණාරත්න නියෝජ් ඇමතිවරයා කියනවා ගොවියන්ගෙන් අහලා තමයි මේ තීරණයගත්තේ කියලා මේ හේතුවෙන් ඇත්තම ගොවියන්ට පාරට බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.

තවත් නියෝජ් ඇමතිවරයෙක් අපි කියනවා ගොවියො බීලා ඇවිත් තමයි වොයිස් කට් දෙන්නෙ කියලා ඔය කියන ඇමතිවරයා අපේ ලිප් බොක්කට ඇවිල්ලා මොකක්ද මල්ලි කන්න තියෙන්නේ කියලා අහලා අපෙන් කාල ගියය එකා බෝක්කුවක් උඩ බීඩි බිබී හිටපු එකා අද නියෝජ්‍ය ඇමතිවෙලා අපේ කන බොන විදිය හොයනවා කියන්නේ ඇත්තටම ලැජ්ජා සහගත කරුණක්.

ඊළඟ විශේෂම දේ තමයි නුවරඑළිය ගොවියා අඳින්නේ කලිසම් කමිස ඒ අද ඊ එක නෙමෙයි එදා ඉඳන්ම පැවති සම්ප්‍රදායක් ඇරෙන්න කවදාවත් නුවරඑළිය ගොවියෝ අමුඩයක් ඇඳලා බෙනීමත් දාගත් අය නෙවෙයි.

ගොවියන්ගේ ප්‍රශ්නෙ විසඳන්න ඕන තැන් බොහෝමයක් තියෙද්දි නුවරඑළිය ගොවියාගේ කලිසම සහ ඩෙක්ෂු එක තමයි මෙයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

මේ අලවලට ස්ථාවර මිලක් අපිට අවශ්‍ය අඩුම වශයෙන් රුපියල් 300 මිලක් වත් ලබා දෙනවා නම් ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්.

මේ දේවල් ගැන කතා කරන්න අපි රජයෙන් සාකච්ඡා ඉල්ලුවාට අපිට ඒක ලැබෙන්නෙ නැත්නම් වීදියට බැහැල උද්ඝෝෂණණ කරලා අපි පත් කරපු රජය අපේ චන්දවලින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීලා සහ මැති ඇමතිවරු අපිට ආරාධනා කරනවානම් ගොවියාගේ ප්‍රශ්න විසඳන්න වීදි සටන්වලට එන්න කියලා අපිි ලෑස්තියි එන්න හැප්පිලා බලමු කියලා අපිටත් කියන්න තියෙන්නේ.

ගාමිණි දිසානායක මහත්තයාගෙන් පස්සේ ඉතිහාසගත ඡන්ද ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තු යවපු මංජුල සුරවීර මධුර සෙනවිරත්න ගැන මන්ත්‍රීවරු අද ගොවි ගැටලු ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්නම් එයාලට උත්තර දෙන්නත් අපි ලෑස්ති වෙනවා.

ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියාව රැකගන්න කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න අපි ගොවි සංවිධානය වශයෙන් කටයුතු කරනවා.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
හෙට දිනයේ කැඳවා ඇති වැඩ වර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින්, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම නගරයේ පදික වේදිකාවක වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.