IMF එකෙනුයි ලෝක බැංකුවෙනුයි ඩොලර් එනවා.. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි හරියනවා.. - බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත කියයි
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි කළමනාකරණය කරගත හැකිවෙනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රට තුළට පැමිණීමට නියමිතව ඇති බැවින් මෙන්ම ආනයන සීමා කිරීම මගින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බවය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය මත ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් මේ හේතුවෙන් සමස්ත ආර්ථිකයේ භාණ්ඩ මිල ඉහළ යා හැකි අවධානමක් පවතින බවත් ඒ පිළිබඳව රජය විසින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"අපි බලමු IMF එකත් හෙට අනිද්දා තව ඩොලර් මිලියන 700ක් විතර ලබා දෙන්න නියමිතව තිබෙනවා. අපි හිතනවා ඒක ලැබෙයි කියලා. ඒ වගේම ADB එක තව මිලියන 200ක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. ඒකත් එක්ක තව ඩොලර් ප්‍රමාණයක් රට තුළට එනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා ඩොලර් පිටට යාම යම් පාලනයක් වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයේ විචලනයත් එක්ක අපනයන ආදායමෙත් වැඩිවීමක් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි