අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි.. - මහ බැංකු අධිපති නන්දලාල් කියයි..
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.
මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවත් සඳහන් කළේය.
ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.
ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.
- නිලන්ත මදුරාවල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..