තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්..
වසර 30කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.
2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් පත් වූ අතර එමගින් දිනෙන් දින විනාශය කරා ඇදෙමින් තිබූ මාතෘභූමියට නැවත ජීවය ලබා දෙමින් බෙදා වෙන් කිරීමට උත්සාහ දැරූ රට ඒකීය රටක් ලෙස රැක ගැනීමට වීරෝධාර රණවිරුවන් මෙන්ම එවකට සිටි රජය සහ දේශප්‍රේමී ජනතාව අප්‍රමාණ කැප කිරීමක් සිදුකළහ.
1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තබනු ලැබීය.
මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් ජීවිත සහ දේපල විනාශ කිරීමට කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපල වැනි මෙරට ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් රට අර්බුදයකට ඇද දැමීමට ද ඔවුන් උත්සාහ ගනු ලැබීය.
ජය ශ්‍රී මහබෝධිය, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වු ශ්‍රී දළදා මාලිගාවට ද එල්.ටි.ටි.ඊ. කුරිරු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළේ ඔවුන්ගේ මිලේච්ඡත්වය ලොවට පෙන්වමිනි.
නැගෙනහිර ගොවි ජනතාවගේ වගාවන් සදහා ජලය රැගෙන ආ ප්‍රධාන ජල මාර්ගය වූ මවිල්ආරු සොරොව්ව වසා දැමීම තුළින් එල්.ටි.ටි.ඊ.නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය තවදුරටත් තහවුරු විය.
ඒ අනුව විරෝධාර රණවිරුවන් සේනාංක 8ක් මාර්ග අටක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.
කෙසේවෙතත් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සටන් කිරීමටයි කටයුතු කරනු ලැබුවේය.
ඒ අනුව යුද්ධයට අමතරව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මානූෂිය මෙහෙයුම් ද ආරම්භ කරමින් රණවිරුවන් ඉදිරියට යාමටයි කටයුතු කළේය.
සියලු අභියෝග ජයගනිමින් නන්දිකඩාල් කලපුවේ දී 2009 මැයි 18 වනදා එල්.ටි.ටි.ඊ.නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග දශක තුනකට අධික කාලයක් පැවති ශාපලත් යුද්ධය නිමාවට පත් විය.
“එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සදහා මෙහෙයවු දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශවල පරිපාලනය, හමුදා නායකයන් ඇතුළු ශ්‍රී ලාංකේය රණවිරුවන්ගේ වීරත්වය අප හදවත් තුළ සදා ජීවමානය“
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා