News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය රුසියානු සමූහාණ්ඩුවට එල්ල කරන චොදනාවලට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් දැඩි ප්‍රතිචාරයක්..

May 15, 2026 at 01:31 PM
|

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය “X”  සමාජ මාධ්‍යයේ රුසියාවට එරෙහිව නැවතත් චෝදනා කිරීම පිළිබඳව රුසියානු තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදයක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නව මාධ්‍ය නිවේදනය

2026 මැයි 14

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය විසින් “X” සමාජ මාධ්‍යයේ රුසියානු සමූහාණ්ඩුවට එරෙහිව නැවතත් කර ඇති චෝදනා සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය දූෂිත යුක්රේන රජයට සෘජුවම සහාය දක්වන බව පෙනී යයි. 

එසේම “Mindichgate” සිද්ධිය සහ සෙලෙන්ස්කිගේ හිටපු ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ඇන්ඩ්‍රේ යර්මාක් සම්බන්ධයෙන් ඇති වූ විශාල ආන්දෝලනාත්මක සිදුවීම් ද විවෘතව සිදුවෙමින් පවතී.

මෙම ප්‍රකාශ බ්‍රසල්ස් නිලධාරීන්ගේ දෙබඩි පිළිවෙත පෙන්නුම් කරයි. ඔවුන් රුසියාව හෙළා දකිමින්, පැහැදිලි කපටිකමකින් යුතුව යුක්රේනයේ සැබෑ අපරාධකරුවන්ට සහාය ලබා දෙමින් සිටින බව ද එයින් පෙන්වයි.

රුසියානු තානාපති කාර්යාලය නැවතත් අවධාරණය කරන්නේ රුසියානු විරෝධී පණිවිඩ හෝ ක්‍රියා සංවිධානය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ප්‍රතිචාර දක්වන අයිතිය තමන් සතු බවයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

NEW PRESS RELEASE of the Russian Embassy in Sri Lanka

May 14, 2026 

On the new accusations made by the Delegation of the European Union in Sri Lanka against the Russian Federation in social media "X" (former Twitter)

 In the view of deliberate support to the corrupted Ukrainian government, expressed by the EU Delegation in Sri Lanka, the Embassy strongly recommends to the EU Delegation to pay relevant attention to the fact that European taxpayers' money is squandered on Zelensky Nazi regime. This is being done openly 

at the background of Mindichgate and resounding scandal around the odious personality of the former chief of staff to Zelensky - Andrey Yermak. 

These statements demonstrate the utmost double standards of Brussels' bureaucrats, who are attempting to condemn Russia while encouraging true criminals in Ukraine with evident hypocrisy. 

The Embassy once again reserves its right to tough reaction to any attempts to organize anti-Russian messages or actions. 

 Russian Embassy in Sri Lanka

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
හෙට දිනයේ කැඳවා ඇති වැඩ වර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින්, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම නගරයේ පදික වේදිකාවක වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.